ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයෙහි කන්ටේනරයක් තුළ තිබී කෝටි 200කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝග‍්‍රෑම් 200ක් සොයාගෙන තිබේ. රේගු ආරංචි මාර්...
ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයෙහි කන්ටේනරයක් තුළ තිබී කෝටි 200කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝග‍්‍රෑම් 200ක් සොයාගෙන තිබේ.
රේගු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි සීනි රැගෙන එන මුවාවෙන් මෙම කොකේන් තොගය බ‍්‍රසීලයේ සිට මෙරටට රැගෙනවිත් ඇත.
අධිකරණ නියෝගයක් මත ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයේ තිබූ කන්ටේනර් 13 ක් අද (24) පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී එක් කන්ටේනරයක තිබී මෙම කොකේන් තොගය සොයා ගැනුණු බව රේගුව කියයි.
COMMENTS