ජනතා බදු මුදලින් ක්‍රියාත්මක වන රාජ්‍ය මාධ්‍ය ආයතන කිසිවිටෙකත් පුද්ගලයින්ට මඩ ගැසිම සදහා භාවිත නොකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ...
ජනතා බදු මුදලින් ක්‍රියාත්මක වන රාජ්‍ය මාධ්‍ය ආයතන කිසිවිටෙකත් පුද්ගලයින්ට මඩ ගැසිම සදහා භාවිත නොකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ බත්තරමුල්ලේ පැවැති උත්සවකට එක්වෙමිනි.
පුද්ගලික අන්තර්ජාල රූපවාහිනි නාලිකාවක වැඩ කටයුතු ආරම්භ කිරිමේ උත්සවක් ඊයේ පස්වරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදි පැවැත්විණි.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේය.
විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් කථානායකවරයා තීන්දුවක් ලබාදිය යුතු බවත් කථානායකවරයා පක්ෂවලින් ඒ පිළිබඳ ඇසීමේ අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපිට ඇත්ත දැනගන්න ඕන සත්‍ය. මම හැම අවස්ථාවකම විශ්වාස කරනවා පුද්ගලික ආයතනයක යම්කිසි කෙනෙක් මඩ ගහනවා නම් ඒක පුද්ගලික ආයතනයක, ඔවුන් බදු මුදලින් ජීවත් වෙන්නේ. ඒකට අපි එක්තරා දුරක ඔවුන්ගේ අවශ්‍යතාවය සහ ඔවුන්ගේ මානසික වින්දනය සඳහා ඕන දෙයක් කරාට අපිට කමක් නෑ මාධ්‍ය ආයතන. හැබැයි රජයෙන් ජනතාවගේ බදු මුදලින් දුවන නාලිකා එවැනි තත්ත්වයකට වැටෙන්න පුළුවන් කමක් නෑ.”
COMMENTS