ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුගාරය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨ...
ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුගාරය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට සැප්තැම්බර් මස 10 වනදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (27) නොතිසි නිකුත් කර ඇත.
රාජපක්ෂ රෙජීම පාලන සමයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන හතළිස් නවයක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය කොළඹ විශේෂ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඊට අනුව මෙම නොතීසි නිකුත් කිරීම සිදුකර ඇත.
ඒ අනුව මෙය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙන දෙවන නඩුව වේ.
COMMENTS