ලංකා දුම්කොළ සමාගමේ 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ. 2018 ජූනි 30 න් අවසන් දෙවන කාර්...
ලංකා දුම්කොළ සමාගමේ 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.
2018 ජූනි 30 න් අවසන් දෙවන කාර්තුව තුළ දී සිගරට් අලෙවිය 2.3% කින් වැඩි වී ඇති බවත්, එහිදී දේශීය සිගරට් අලෙවිය 6% කින් වැඩි වී ඇති බවත් ලංකා දුම්කොළ සමාගම ප්‍රකාශ කරයි.
2018 ජූනි 30 න් අවසන් කාර්තුව තුළ දී දුම්කොළ සමාගම රුපියල් බිලියන 4.35 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 2017 දෙවන කාර්තුවේ බදු පසු ලාභ අගය වූ රු. බිලියන 2.95 හා සැසඳීමේ දී එය 47% ක දැවැන්ත වර්ධනයකි.
පසුගිය කාර්තුවේ දී සමාගම විසින් රජයට ලබා දී ඇති බදු ආදායම රු. බිලියන 31 සිට රු. බිලියන 33 දක්වා රු. බිලියන 2 කින් වැඩි වී ඇති අතර මේ අනුව 2018 මුල් මාස 06 ක කාලපරිච්ඡේදය තුළ දී ලංකා දුම්කොළ සමාගම විසින් රජයට ලබා දී ඇති සමස්ත බදු ආදායම රු. බිලියන 63 කි. එහිදී දුම්කොළ බදු වශයෙන් රු. බිලියන 57.72 ක් සහ ආදායම් බදු වශයෙන් රු. බිලියන 5.36 ක්, සමාගම විසින් රජයට ගෙවා තිබේ.
මිලියන 500 කට අධික නීතිවිරෝධී දුම්වැටි ප්‍රමාණයක් මේ වන විට වෙළෙඳපොළේ ඇති බවත් මේ හේතුවෙන් රජයට වාර්ෂිකව රු. බිලියන 20 ක පමණ බදු ආදායමක් අහිමි වන බවත් එම සමාගම අවධාරණය කර සිටී.
පසුගිය ජූලි 31 වන දා සිට දුම්වැටියක් සඳහා වන දුම්කොළ බද්ද රු. 3.80 කින් ඉහළ දැමූ අතර ඊට සමාගමීව දුම්වැටියක මිල රු. 5.00 කින් ඉහළ දැමීමට දුම්කොළ සමාගම විසින් තීරණය කරන ලදී.
කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උත්සවයකට සහභාගී වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ දුම්වැටි සහ දුම්කොළ පාලනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමා විවිධ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවයි.
“තමයි ජනතාව දුම් බීමෙන් තුරන් කිරීම. එම ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දක්වන සහයෝගය අගය කළ යුතුයි. දුම්වැටි අලෙවිය ප්‍රවර්ධනය කරන්න එපා. නව ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්වැටි බිලියනයක් අලෙවි වීම අඩු වී ඇතැයි දුම්කොළ සමාගමේ වාර්තා සදහන් කරනවා. මෙම ක්‍රියාමාර්ගය ලෝක සෞඛ්‍ය සංවිධානය ද අගය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ විරෝධී ප්‍රඥප්තියට අනුව එවැනි ක්‍රියාමාර්ග ගත් එකම රට ශ්‍රී ලංකාවයි.“ යැයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනක්ද ජනාධිපති කාර්යාලය හරහා ක්‍රියාත්මක වේ.
COMMENTS