සිරදඬුවම් නියමවී දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඊයේ (20) පැ...
සිරදඬුවම් නියමවී දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඊයේ (20) පැය තුනකට ආසන්න කාලයක සැත්කමක් සිදුකර ඇත.
පෙරවරු 8.00 සිට පෙරවරු 10.45 පමණ වන තෙක් මෙම සැත්කම සිදුකර ඇති අතර උන්වහන්සේ උදරයේ ඇති මිලි මීටර් තුනක පමණ වන ගලක් ඉවත් කිරීම සඳහා මෙම සැත්කම කළ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් වේරවත්ත මහතා පැවසීය.
එම සැත්කම සාර්ථක බව පැවසූ නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයා දහවල් වන විට ඥානසාර හිමියන්ව රෝහල් වාට්‌ටුව වෙත යොමු කළ බවද කියා සිටියේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට වසර 06 ක සිරදඬුවම් නියම විය.
COMMENTS