දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සරසවි නවකවදයෙන් සිසුහු 14ක් මිය ගිහින් - දෙදහසක් පාඨමාලා හැර ගිහින්.
Homeගොසිප්

සරසවි නවකවදයෙන් සිසුහු 14ක් මිය ගිහින් - දෙදහසක් පාඨමාලා හැර ගිහින්.

PropellerAds

විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන නවකවදය හේතුවෙන් මේ වන විට සිසු සිසුවියන් 14 දෙනකු මියගොස් ඇති බවත්, වසර දෙකක් තුළදී දෙදහසක් පාඨමාලා හැර ග...

මාස 09 ට ලංකා IOC අලාභය මිලියන 650 ඉක්මවයි
"දේශපාලකයා පස්සෙ යන එහෙයියෝ සමාජයට අවශ්‍ය නෑ" : ධනුෂ්ක රාමනායක.
ජනපතිට මඩගහන්න ප්‍රචාරණ ආයතනයකට බාරදෙයි.


විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන නවකවදය හේතුවෙන් මේ වන විට සිසු සිසුවියන් 14 දෙනකු මියගොස් ඇති බවත්, වසර දෙකක් තුළදී දෙදහසක් පාඨමාලා හැර ගොස් ඇති බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. 

2015/2016 දී සිසුන් 1352ක් හා 2016/2017 දී සිසුන් 637ක් ලියාපදිංචියෙන් පසුව විශ්වවිද්‍යාලය හැර ගොස් තිබෙන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය සිදු කරන ලද විමර්ශනයකින් හෙළිවී තිබේ.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා 1998 අංක 20 දරන නවකවද පනත පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය මේ වන විට පියවර ගෙන තිබෙන අතර, විශ්වවිද්‍යාලවල නවකවදය වැළැක්වීම සඳහා පියවර රැසක් ද ගෙන තිබෙන බව ඇමතිවරයා කියා සිටියේය.

හෙතෙම මේ අදහස් පළ කළේ සංස්කෘතික අමාත්‍යංශයේ දී ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද කීවේය.

'රටේ ලොකුම පාතාලය සරසවිය තුළ'

මේ රටේ ලොකුම පාතාලය තිබෙන්නේ විශ්වවිද්‍යාල තුළයි. නවකවදය හේතුවෙන් 91600ක් වන විශ්වවිද්‍යාල සිසුන් පීඩාවට පත්වෙලා. ඒ නිසා මානසිකව විතරක් නොවෙයි ශාරීරිකවත් මේ දරුවෝ අසරණ වෙනවා. සිසුන්ට ලිංගික වද දෙනවා. ශාරීරික වද දෙනවා. මානසිකව පීඩනයට පත් කරනවා. 

මේ තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගත් හිටපු උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය රිචඩ් පතිරණ මහතා 1998 අංක 20 දරන නවකවද පනත සම්මත කරලා දුන්නා. මේක කාලයක් අක්‍රියව පැවතුණා. නමුත් එය නිසියාකාරව ක්‍රියාත්මක කරන්නටත් දැඩි දඬුවම් ලබා දෙන්නටත් විශේෂයෙන්ම අවුරුදු 10 දක්වා උපරිම දඬුවම් ලබා දෙන්නටත් අවශ්‍ය කටයුතු අපි සිදු කරනවා. 

නවක වදය දෙන Safe House :

මේ අය වෙනම නිවාස (Safe House) කුලියට අරගෙන නවකවදය ක්‍රියාත්මක කරනවා. නයිවල, දෙහිවල වගේ තැන්වලින් මෙවැනි නිවාස මේ අය ලබා ගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලවල නවකවදයට විරුද්ධ වන අයට පහර දෙනවා. විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ මේ වනවිට සිසුන් 14 දෙනෙක් නවකවදය නිසා මියගොස් තිබෙනවා.

රටේ දැනට සිසුන් 91600ක් සරසවිවල ඉන්නවා. රාජ්‍ය විශ්වවිද්‍යාල තිබෙන්නේ 15යි. උසස් අධ්‍යාපන ආයතන 14ක් තියෙනවා. මේ අතරින් සිසුන් 2016/17 සිසුන් 637ක් සහ 2015/16 සිසුන් 1352ක් නවකවදය නිසා විශ්වවිද්‍යාල අතහැරලා ගිහින් තිබෙනවා.

පසුගිය දිනවල පේරාදෙණිය විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම වහන්න වුණා. ඒ 80% පැමිණීම නැති නිසා සිසුන් 48කට විභාග ලියන්න නොදීපු නිසා. 

අපි රටක් විදියට අපේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරන්නට වොෂින්ටන් සම්මුතියට අත්සන් කරලා තියෙනවා. එහෙම ප්‍රමිතිය ගැන සැලකිලිමත් නොවුණොත් අපේ රටේ උපාධි පිටරටවල ගණන් ගන්නේ නැති වෙනවා. අපේ අයට පිටරට ගිහින් පශ්චාද් උපාධි කරන්නට ලැබෙන්නේ නැහැ. 

කැට සල්ලි වලින් කරන දේ !

ඒක මේ පෙරටුගාමීන් දන්නවා. දැන දැනත් මේ සිසුන්ව උද්ඝෝෂණවලට යොමු කරනවා.

ඔය උද්ඝෝෂණවලට නායකත්වය ලබාදෙන සිසුන් යන්නේ සුඛෝපභෝගී ජීප්රථවල. ඔවුන් පුදුම විදියට පළමු වසර සිසුන් යොදාගෙන පින් කැට හොලවනවා. මේවායින් හවසට අරක්කු බොනවා. තමන්ගේ පෞද්ගලික වැඩවලට යොදා ගන්නවා. මම අභියෝග කරනවා මේ එකතු කරපු සල්ලිවලින් කරපු දේවල් මොනවාද කියලා කියන්න. 

ඒ නිසා මම සියලුම ජනතාවගෙන් ආයාචනා කරනවා මේ කැටවලට සල්ලි දාන්න එපා කියලා. අපේ රටේ හොර තක්කඩින්ට කියන තවත් නමක් තමයි ‘පෙරටුගාමීන්’ කියන්නේ. 

මේ අය විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබපු දරුවන්ගේ ලිපින හොයාගෙන ඔවුන්ගේ පවුල් පසුබිම හොයාගෙන ගෙවල්වලට ගිහින් මනසට ඔවුන්ගේ දේවල් ඔබ්බවනවා. ඊට පස්සේ ඔවුන් විශ්වවිද්‍යාලයට ගියාම අනිත් අය පේන්නේ අමනුස්සයෝ විදියට. ඒ විදියට සලකන්න පටන් ගන්නවා. නායකත්වය දෙනවා.

දෙමළ, මුස්ලිම් දරුවෝ:

අනෙත් කාරණය තමයි දෙමළ, මුස්ලිම් දරුවෝ නවකවදය දෙන්නේ නැහැ. තමන්ගේ පළමු වසර සහෝදර සහෝදරියන්ටත් අනෙක් අයට වගේම ඒ අය උදවු උපකාර කරනවා. ඒ අය ආරක්ෂා කරනවා. බලා ගන්නවා.

නවකවද පනත නිසි පරිදි ක්‍රියාවට නංවන්නට අපි කටයුතු කරනවා. පොලිස්පතිවරයා පසුගිය දිනක සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ගෙන්වලා නවකවදය පිළිබඳ සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම්වත් කළා. නවකවදයට කිසිදු බුරුලක් ලබා නොදීමට තීරණය කළා.''

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා මෙසේ පැවසිය. 

''නවකවදය සම්බන්ධයෙන් මේ වනවිට සියලුම ආකාරයෙන් මහජනතාව, සිසු සිසුවියන් මෙන්ම ඔවුනගේ මවුපියන් ද දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. එයට පෝස්ටර්, අත් පත්‍රිකා, පුවත්පත් දැන්වීම් උපයෝගී කරගෙන තිබෙනවා. නවකවදයත් එක්ක මේ කරන දේවල් ප්‍රසිද්ධියේ කියන්න බැහැ. අපිට ළමයි පුදුම විදියට ලියුම් එවනවා. ඒවා කියවන කොට ඇඬෙනවා. 

0112-2123700 අංකයට කතා කරන්න :

දැන් ඕනෑම කෙනකුට පැය 24 ඇතුළත ඕනෑම වේලාවක කථා කරලා පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 0112-2123700 අංකයට ඕනෑම අවස්ථාවක කතා කරන්න පුළුවන්. 

ඒ වගේම අන්තර්ජාලය හරහා www.ugc.ac.lk/rag කියන පිටුවට ගිහින් ඔබේ පැමිණිලි ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ වනවිට නව ජංගම දුරකථන යෙදවුමක් ක්‍රියාවට නැංවෙනවා. 

නියමු ව්‍යාපෘතියක් වශයෙන් එය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වෙනවා''

(දිනමිණ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සරසවි නවකවදයෙන් සිසුහු 14ක් මිය ගිහින් - දෙදහසක් පාඨමාලා හැර ගිහින්.
සරසවි නවකවදයෙන් සිසුහු 14ක් මිය ගිහින් - දෙදහසක් පාඨමාලා හැර ගිහින්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDPCqngcQJ64u1G_JxBzE8sQsIL6IA2w0aWMqxfual-sHui_ICvREzSP0JxfC2j2QWim89kivbrZ6QG6oBjYiCrUHkxrX099kDf-vcvF7Ybj3SJJQUi2jT9XW9Ez23fQFJS-0JpZnLefsb/s1600/%25E0%25B7%2583%25E0%25B6%25BB%25E0%25B7%2583%25E0%25B7%2580%25E0%25B7%2592+%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%259A%25E0%25B7%2580%25E0%25B6%25AF%25E0%25B6%25BA%25E0%25B7%2599%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B7%2584%25E0%25B7%2594+14%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25BA+%25E0%25B6%259C%25E0%25B7%2592%25E0%25B7%2584%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDPCqngcQJ64u1G_JxBzE8sQsIL6IA2w0aWMqxfual-sHui_ICvREzSP0JxfC2j2QWim89kivbrZ6QG6oBjYiCrUHkxrX099kDf-vcvF7Ybj3SJJQUi2jT9XW9Ez23fQFJS-0JpZnLefsb/s72-c/%25E0%25B7%2583%25E0%25B6%25BB%25E0%25B7%2583%25E0%25B7%2580%25E0%25B7%2592+%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B6%259A%25E0%25B7%2580%25E0%25B6%25AF%25E0%25B6%25BA%25E0%25B7%2599%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B7%2584%25E0%25B7%2594+14%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25BA+%25E0%25B6%259C%25E0%25B7%2592%25E0%25B7%2584%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy