දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"දේශපාලකයා පස්සෙ යන එහෙයියෝ සමාජයට අවශ්‍ය නෑ" : ධනුෂ්ක රාමනායක.
Homeගොසිප්

"දේශපාලකයා පස්සෙ යන එහෙයියෝ සමාජයට අවශ්‍ය නෑ" : ධනුෂ්ක රාමනායක.

PropellerAds

අතීත සමාජයට වඩා වත්මන් සමාජය දැනුවත් වගේම බුද්ධිමත්. අපිට අවශ්‍ය කරන්නෙත් එහෙම සමාජයක්. තරුණ තරුණියෝ විදියටත්, තරුණ වෘත්තීයවේදීන් විදියටත්...

ශ්‍රීපාද වන්දනා කිරීමට ගොස් රෝගාතුර වූ බැතිමතෙකු පොලිස් නිලධාරියෙකු කරපිටින් පහලට රැගෙන ආ අයුරු
පිළියන්දල ඉන්ටර් ෆැෂන් සාප්පුව බින්ද අය බඩුත් සමග මාට්ටු
රජයේ සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 2500ත් 10,000ත් අතර වැඩි කරයි
අතීත සමාජයට වඩා වත්මන් සමාජය දැනුවත් වගේම බුද්ධිමත්. අපිට අවශ්‍ය කරන්නෙත් එහෙම සමාජයක්. තරුණ තරුණියෝ විදියටත්, තරුණ වෘත්තීයවේදීන් විදියටත් අපේ මේ උත්සාහය මහරගම නගරය ඉදිරි වසර කිහිපය තුළ ලංකාවේ සංවර්ධිතම නගරයක් බවට පත්කිරීමට කටයුතු කිරීම බව මෙවර පළාත් පාලන මැතිවරණයට මහරගම නගර සභාවට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කරන ධනුෂ්ක රාමනායක මහතා පවසයි. 

රැකියාවක් ලබාගන්න, ව්‍යාපාරයක් පවත්වගෙන යන්න, තමන්ගේ අනෙකුත් ඕනෑ එපාකම් සපුරගන්න දේශපාලකයා පස්සෙ යන එහෙයි න්‍යායේ ඉන්න කණ්ඩායමක් සමාජයට අවශ්‍ය නොමැති බවත්, ඒ වෙනුවෙන් අනාගත දේශපාලන හෙංචයියන් බිහිකළ යුතු නොමැති බවද රාමනායක මහතා පෙන්වා දෙයි. ධනුෂ්ක රාමනායක මහතා මේ බව සඳහන් කර සිටියේ, සිය මැතිවරණ ව්‍යාපාරයේ 06 වන ජනහමුව මහරගම විපශ්‍යාරාම පාරේ පිහිටි සුමුදු දිසානායක මහතාගේ නිවසේ අති සාර්ථකව පවත්වමිනි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාමනායක මහතා, 

වත්මන් සමාජයට අවශ්‍ය වන්නේ, සමාජයේ කරන කියන දෑ, දේශපාලකයන් කියන කරන දෑ, අනෙකුත් සමාජ ස්ථරයන් කරන කියන දෑ සම්බන්ධයෙන් උගත් බුද්ධිමත් මනසකින් විමසා තීරණයකට එළඹෙන්න පුළුවන් පිරිසක්. අද වන විට එවැනි බුද්ධිමත්, දැනුවත් කණ්ඩායමක් මහරගම නිර්මාණය වී අවසන්. අනාගත සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් එම බුද්ධිමත් දැනුවත් පිරිසගේ යුතුකම, ඔවුන්ගේ වගකීම ලබන පෙබරවාරි 10 වනදා අනිවාර්යෙන්ම ලබාදෙනු ඇති බව විශ්වාසයි. 

අප විසින්ම අපේ මනාපය ලබාදී පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන මිනිස්සු පාර්ලිමේන්තුවට ගොස් කරන්නේ එකිනෙකා ගහ මරාගැනීම් වගේ අපිටම එපාවෙන වැඩකටයුතු. ඒ නිසා මෙවර ඡන්ද ක්‍රමයත් එක්ක අපිට ගම ඇතුළෙන්ම පෙරනයක් හදන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. ඒ තුලින් අපට අවශ්‍ය නියම පුද්ගලයා නියම සුදුස්සා, අවශ්‍ය සමාජ තීරකයා ඉදිරියට ගෙනයාමේ වගකීම ඔබ සතුයි. මේ අවස්ථාවේ එම වගකීම ඉටුකළේ නැත්නම් තවත් අවුරුදු 5 කින් 10 කින් ඔබේ දරුවාට අත්දකින්න වෙන්නේ තවත් ජරාජීර්ණ වූ පාර්ලිමේන්තුවක්. ජරාජීර්ණ වූ සමාජ ස්ථරයක්, පළාත් පාලන ආයතනයක්, පළාත් සභාවක්. 

ඒ නිසා මෙය ඉතාමත් තීරණාත්මක මැතිවරණයක්. අනාගත පරපුර යහපත් ගුණගරුක පිරිසක්, සමාජයක් බවට පත්කිරීම අප සියළු දෙනාගේ වගකීමක්. ඒ වගකීම් ඉටුකරන්නට අපි නිවැරදි ආකාරයෙන් නිශ්චිතව මේ සමාජ දේශපාලනය තුළ කටයුතු කළ යුතුයි. දූෂණය පිටුදකින්න, වංචාව පිටුදකින්න, හොර මැරකම්වලට තිත තියන්න පාට පක්ෂ භේදයෙන් තොරව අපි අනිවාර්යෙන්ම පෙනී සිටිය යුතුයි.

ඒ සඳහා අවශ්‍ය සමාජ විප්ලවය, දේශපාලන විප්ලවය, ආර්ථික සහ දැනුම් විප්ලවය කරන්න අපි නිවැරදි නගර සභාවක්, කාටවත් නොදෙවෙනි, කොන්ද නොනමන නගර සභාවක් බවට මහරගම නගර සභාව පත්කිරීමට අප සැවොම අත්වැල් බැඳගත යුතුයි. 

ඒ වෙනුවෙන් ඔබ ලබාදෙන යම්කිසි ඡන්ද වරමක් අයිතියක් වනවාද එය ඡන්දය ලබාදුන් ලබානොදුන් සියළුම දෙනා වෙනුවෙන් සමබරව සිදු කිරීමේ වගකීම අපි භාරගන්නවා. අපි සියළුම දෙනා ගමන් කරනුයේ පොදු අරමුණක් වෙනුවෙන්. ඒ ගම හදන්න. ගමේ තියෙන තාරුණ්‍ය, ගමේ ඉන්න කාන්තාව, වැඩිහිටි පරම්පරාව සේම අනෙකුත් සියළුම ප්‍රජාවන් බලගන්වන්න. ඒ වෙනුවෙන් තමයි අප ඉදිරියට පැමිණ කටයුතු කරන්නේ. 

මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ මැතිතුමා, ප්‍රාදේශීය දේශපාලඥයන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව සියයකට අධික පිරිසක් එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "දේශපාලකයා පස්සෙ යන එහෙයියෝ සමාජයට අවශ්‍ය නෑ" : ධනුෂ්ක රාමනායක.
"දේශපාලකයා පස්සෙ යන එහෙයියෝ සමාජයට අවශ්‍ය නෑ" : ධනුෂ්ක රාමනායක.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdQ_DNpBGJIE01O0SinhCkte4RphC23wihyphenhyphenDq0IfsbFn7Y2sPnaKGZ3WPB1KQRpAJ8nkWjnPIiTilzJZ5KHsrebTyTawMx0du6OVOXnXNulN39Uucv_jzOQOi0uTzoukxcGDtdVjRWHsmP/s1600/3.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdQ_DNpBGJIE01O0SinhCkte4RphC23wihyphenhyphenDq0IfsbFn7Y2sPnaKGZ3WPB1KQRpAJ8nkWjnPIiTilzJZ5KHsrebTyTawMx0du6OVOXnXNulN39Uucv_jzOQOi0uTzoukxcGDtdVjRWHsmP/s72-c/3.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_751.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_751.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy