ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී ඉසව්ව ආරම්භ වූ ඊයේ (20 වැනිදා) මුහුණදුන් පළමු තරගයේදීම ජ...
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී ඉසව්ව ආරම්භ වූ ඊයේ (20 වැනිදා) මුහුණදුන් පළමු තරගයේදීම ජපානය හමුවේ ගෝල 11-0 ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
එම තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 3 ක් වාර්තා කිරීමට කසුමා මුරාටා සමත් වූ අතර කෙන්ටා ටානකා සහ කෝජි යමසකි ගෝල 2 බැගින්ද, මනාබු යමෂිටා, හිරෝටකා සෙන්ඩානා, යොෂිකි කිරිෂිටා සහ ගෙන්කි මිටානි ගෝලය බැගින්ද ලබාගත්හ.
ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ සෙසු තරග 22 වැනිදා කොරියාවට එරෙහිවද, 24 වැනිදා හොංකොං රාජ්‍යයට එරෙහිවද, 26 වැනිදා ඉන්දුනීසියාවට එරෙහිවද, 28 වැනිදා ඉන්දියාවට එරෙහිවද පැවැත්වීමට නියමිතය.
COMMENTS