දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙන්නගෙන් එක්කෙනයි තෝරා ගන්නේ. දෙන්නෙක්ට ආදරය කරන්න බැහැනෙ - ශනුද්‍රි
Homeගොසිප්

දෙන්නගෙන් එක්කෙනයි තෝරා ගන්නේ. දෙන්නෙක්ට ආදරය කරන්න බැහැනෙ - ශනුද්‍රි

PropellerAds

ශනුද්‍රි පි‍්‍රයසාද් කියනවාට වඩා මේ දිනවල අපි ඇයට ‘සමල්කා’ කියලා කියමු. ‘දෙවැනි ඉනිම’ නාට්‍ය නිසා මේ දිනවල ශනුද්‍රි වඩා ජනප‍්‍රියව සිටින්නේ...

ඒකාබද්ධ විපක්ෂය රනිල්ට එරෙහි විශ්වාසභංගය බාර දෙයි.
වත්කම් හෙළි නොකිරීමේ දඩය 100,000ක් දක්වා වැඩිවේ.
කොළඹ කොටුව මැදින් අහසට ඇදෙන අලුත්ම දැවැන්තයා "The One"
ශනුද්‍රි පි‍්‍රයසාද් කියනවාට වඩා මේ දිනවල අපි ඇයට ‘සමල්කා’ කියලා කියමු. ‘දෙවැනි ඉනිම’ නාට්‍ය නිසා මේ දිනවල ශනුද්‍රි වඩා ජනප‍්‍රියව සිටින්නේ ‘සමල්කා’ නිසයි. කාලයකට ඉහතදී ළමා චරිතය සමඟ ටෙලි තිරයට ආ ශනුද්‍රි මේ විදියට නවයෞවනයේ පෙම්වතියක වී චරිතයකට ප‍්‍රවේශව සිටින ප‍්‍රථම අවස්ථාව මෙයයි.

සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයෙන් සමන් එදිරිමුනිගේ රචනයෙන් නිර්මාණය වී විකාශය වන දෙවැනි ඉනිම හැඩ කරන මේ සමල්කා හෙවත් ශනුද්‍රි සමඟයි අද සඳැල්ල කතාබහ.

 ශනුද්‍රි හරිම කාර්ය බහුලයි වගේ?

මේ දිනවල නම් ඇත්තටම කාර්ය බහුලයි. දෙවැනි ඉනිමේ දිගටම රූගත කිරීම්. ඊට අමරතව මගේ ඉගෙනීමේ වැඩ නිසා කාර්ය බහුල වෙලා.

 ඉගෙනීම් ගැන කිව්වොත්?

අළෙවිකරණ අංශයේ උපාධිය වෙනුවෙන් උසස් අධ්‍යාපනයේ යෙදෙනවා. දැන් පළමු වසර ඉවරයි. තව අවුරුදු දෙකක් තියෙනවා.

 ඒ අතරෙදී පෙම්වතියකුත් වෙලා?

ඔව්, පළමු වතාවට තමයි ටෙලි නාට්‍යයක පෙම්වතියක ලෙස රඟපාන්නේ. ශනුද්‍රිට වඩා දැන් බොහෝ අය කැමති ‘සමල්කා’ චරිතයටයි.

 ‘සමල්කා’ ගැන කොහොමද හිතෙන්නේ?

කාත් කවුරුවත් නැති කෙනෙක්. එහෙම වුණාට එයා කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දුකින් සිටින හඬන කෙනෙක් වුණාට සමල්කා සතුටින් ඉන්න උත්සාහ ගන්න කෙනෙක්. මම හරිම ආසාවෙන් කරන චරිතයක්.

 සමල්කා වගේ පෙම්වතුන් දෙදෙනෙකුගේ ආදරයට ශනුද්‍රිට මුහුණ දෙන්න වුණොත්?

දෙන්නගෙන් එක්කෙනයි තෝරා ගන්නේ. දෙන්නෙක්ට ආදරය කරන්න බැහැනෙ.

අවන්ත සහ අනුහස් ගෙන් කාටද වඩා කැමති?

අවන්ත සහ අනුහස් කියන්නේ වෙනස්ම චරිත දෙකක්. ඒ චරිත දෙකටම මම කැමතියි. අවන්තව පුළුවන් තරම් හදාගන්න බලනවා. බැරිම වුණොත් එයාට කියලා දීලා එයාගෙන් සමුගන්නවා. අනුහස්ට කැමති කියලා කියනවා.

ශනුද්‍රිට ‘රවීන් සහ කේෂාන්’ ගැන කියන්න කිව්වොත්?

හරිම හොඳ මිතුරන්. ඒ නාට්‍යයේ අපි ඔක්කොමත් ඒ විදියයි. නාට්‍යයේ වගේ රවීන් සහ කේෂාන් සැබෑවට තරහා නැහැ. හරිම හොඳ යාළුවෝ. අපි කට්ටියම අලූත් අය වුණාට එකිනෙකාට සහයෝගයෙන් රඟපෑම්වලට දායක වෙනවා.

ශනුද්‍රිට මේ විදියට සමල්කා නිසා ලැබෙන ජනප‍්‍රියත්වය ගැන හිතන්නේ කොහොමද?

මුලදී මට සමල්කාගෙ චරිතය ගැන එතරම් වැටහුණේ නැහැ. සමන් එදිරිමුණි අයියා ලියන හරි අමුතු කතාවක්. දැන් මම සමල්කාට ආදරය කරනවා. මේ තරමට මිනිස්සු මේ චරිතය වගේම දෙවැනි ඉනිමට ආදරය කරාවි කියලා මුලදී මම හිතුවේ නැහැ.

කොහොමද දැන් අක්කලා - නංගිලාගෙ ගෙදර විස්තර කිව්වොත්?

දිනක්ෂි, ශේෂාද්‍රි මම අපි තුන්දෙනා කොහොමටත් හරිම එකතුයි. ශේෂාද්‍රි අක්කා නම් මේ දිනවල රඟපෑම් නතර කරලා තියෙන්නේ. එයා ආයෙත් උසස් අධ්‍යාපන කටයුතු පටන් ගත්තා. දිනක්ෂි අක්කයි මායි රඟපාන අංශයේ කාර්ය බහුල වෙලා.

 ඇත්තද දිනක්ෂි අක්කා විවාහ වෙන්න යනවා කියන්නේ?

අපෝ එයා තවම ඒ ගැන හිතලවත් නැහැ. එයා තවම කෙනෙක් හොයා ගෙනත් නැහැ. තව අවුරුදු දෙක තුනකින් විතර ඒ ගැන උනන්දු වේවි.

අක්කලා - නංගිලා අතර රහස් තියෙන්න නැතුව ඇති නේද?

අපි තුන්දෙනා අතර ඇත්තටම රහස් නැහැ.

අක්කට ගැලපෙන කෙනා ක්ෂේත‍්‍රයේම වෙන්න ඕනෑ කියලාද ශනුද්‍රි හිතන්නේ?

ඒක අක්කගෙ තීරණයනෙ. එයාට හරියන දේ එයා තෝරාගෙන ගෙදරට කියාවි.

 ශනුද්‍රි ආදරය ගැන හිතන්නේ කොහොමද?

මම තවම පවුලේ හුරතලා. අධ්‍යාපන කටයුතු තවම නිම කරලත් නැහැ. මට ඒ සුන්දර ලෝකයට හැර වෙනත් විදියක ආදරය දැන්ම අවශ්‍ය නැහැ. ඒ නිසා හීනෙන්වත් ඒ ගැන හිතන්නෙවත් නැහැ. ඒකට තව ගොඩක් කල් තියෙනවා.

දැන් ‘සිංදු ’ කීම නතර කරලද?

මේ ළඟදී මනුරංග විජේසේකර එක්ක තවත් ගීතයක් කළා. දැන් අපි එහි විඩියෝ නිර්මාණයට ලැහැස්ති වෙනවා. මම තනියම ගායනා කළ ‘ඔබෙ ආදරේ’ සහ යශාන් එක්ක කළ ගීතයත් අනෙක් ගීතත් ඇත්තටම සෑහෙන්න ජනප‍්‍රිය වුණා.

ශනුද්‍රි ඇත්තටම මොන වගේ චරිතයක්ද?

මිනිස්සු හිතනවා වගේ කෙනෙක් නෙවෙයි මම.

ඒ කිව්වේ?

සමහර වෙලාවට ෆේස් බුක් ඇතුළු අන්තර්ජාලයේදී සමහරු හිතන්නේ මම මහා ආඩම්බරකාර චරිතයක් කියලයි. මම එහෙම නැහැ. හරිම මිත‍්‍රශීලී චරිතයක්. බොහොම සරල කෙනෙක්. ඒත් සමහර වෙලාවට මිනිස්සු හරි නරක විදියට එක එක පෝස්ට් දානවා. බොරු ෆේස් බුක් පේජ් හදාගෙන සමහර වෙලාවට එහෙම කරන්නේ ඊර්ෂ්‍යාවට වෙන්න ඇති. සමහරුන්ට තව කෙනෙක් ජනප‍්‍රිය වීම ප‍්‍රශ්නයක් වෙන්න ඇති. කොහොම වුණත් මම ඒ කාටවත් පිළිතුරු දෙන්න යන්නේ නැහැ.

ශනුද්‍රි ‘හඬන’ චරිතවලට වැඩිය කැමතියි කියන්නේ?

එහෙමම නැහැ. හැබැයි හඬන්න තියෙන සීන් වලදී මට අනික් අයවත් අඬවන්න පුළුවනි කියලා හිතනවා. දෙවැනි ඉනිම නාට්‍ය නරඹන අයත් එය කියනවා.

සූරිය දයාරුවන්ට වඩා කැමති ඇයි?

එයාට නෙමෙයි, එයා ගයන ‘මගේ නේ... මගේ නේ...’ ගීතය මේ දිනවල මගේ ප‍්‍රියතම ගීතයයි. මම ඒ සිංදුවට හරිම ආසයි.

 දෙවැනි ඉනිම කණ්ඩායම එකතු වුණාම සාජ්ජ දානවලූ නේද?

අනේ ඔව්. විරාමයක් ලැබුණු හැටියෙ කවුරු හරි ගිටාර් එකක් අරගෙන එනවා. එක්කෝ බෙරයක් ගේනවා. ඔක්කෝමලාම වගේ ගායන ක්ෂේත‍්‍රයේ අයනෙ. ඉතින් ඒ මොහොත නම් හරිම සුන්දරයි. දෙවැනි ඉනිම නාට්‍යටත් වඩා මට නම් ඒ මොහොත හරිම සුන්දරයි. අපි ඔක්කොමලා හරි එකමුතුයි.

- සාරවිට
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙන්නගෙන් එක්කෙනයි තෝරා ගන්නේ. දෙන්නෙක්ට ආදරය කරන්න බැහැනෙ - ශනුද්‍රි
දෙන්නගෙන් එක්කෙනයි තෝරා ගන්නේ. දෙන්නෙක්ට ආදරය කරන්න බැහැනෙ - ශනුද්‍රි
http://ift.tt/2tAtSWr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_975.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_975.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy