එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කරමින් සිටින දේශපාලන පක්ෂ 8ක් ඊලඟ ජනාධිපතිවරණයේදී සන්ධානයට සහය පල නොකිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා ව...
එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කරමින් සිටින දේශපාලන පක්ෂ 8ක් ඊලඟ ජනාධිපතිවරණයේදී සන්ධානයට සහය පල නොකිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී සිය සන්ධාන ජනපති අපේක්ෂක ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ගෙන ඇති ඒකමතික තීරණයට එම පක්ෂ විරුද්ධ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කරමින් සිටින එම දේශපාලන පක්ෂ අටද, සිවිල් සංවිධාන 12ක් සහ රාජ්‍ය නොවන සංවිධාන 4ක් එක්ව ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයන් සිවුදෙනකු ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ඊට අදාළ එකඟතා ගිවිසුමට එම දේශපාලන පක්ෂ සහ සංවිධාන ලබන 19 වැනිදා කොළඹදී අස්සන් කිරීමට තීරණය කර තිබේ.
උතුරු ප්‍රදේශය නියෝජනය කරමින් අතුරුදන්වූවන් වෙනුවෙන් හඬක් නඟන එසේම දෙමළ ජනයා නියෝජනය කරන අයකුද, නැඟෙනහිර ප්‍රදේශය නියෝජනය කිරීමට ඉස්ලාම් මව්ලවිවරයකුද, වතුකම්කරුවන්ගේ නියෝජිතයකු සහ සිංහල බෞද්ධයන් නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේ නමක්ද වශයෙන් එම ජනාධිපති අපේක්ෂකයන් සිවුදෙනා ඉදිරිපත් කිරීමට කටයුතු යොදමින් තිබේ.
ප්‍රධාන දේශපාලන ධාරාවේ අපේක්ෂකයකුට 50%ක් ඉක්මවා ඡන්ද ලබා ගැනීම වැළැක්වීම මඟින් ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමට පියවර ගැනීමක් ලෙසින් මෙසේ ජනාධිපති අපේක්ෂකයන් සිවුදෙනකු ඉදිරිපත් කිරීමට පියවර ගැනේ.
COMMENTS