සුරියවැව මදුනාගල රක්ෂිතය ආසන්නයේ ඇති කසල බැහැර කරන ස්ථානයකට පැමිණෙන වන අලි ගම් වදින අතර එම ගැටලු වලට විසඳුම් ඉල්ලා සුරියවැව ගම්වාසීන් පසුග...
සුරියවැව මදුනාගල රක්ෂිතය ආසන්නයේ ඇති කසල බැහැර කරන ස්ථානයකට පැමිණෙන වන අලි ගම් වදින අතර එම ගැටලු වලට විසඳුම් ඉල්ලා සුරියවැව ගම්වාසීන් පසුගියදා සිදුකල උපවාසය වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මැදිහත්වීම මත අවසන් කෙරිණි.
එහිදී ඇතිවූ එකඟතාව මත වන අලි පලවා හැරීම සඳහා ඊයේ(09) උදෑසන නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා සූරියවැව වල්සපුගල ප්‍රදේශයට පැමිණි අතර නියමිත වේලාවට නියෝජ්‍ය ඇමැතිවරයා සහ ගම්වාසීන් පැමිණ සිටියද වනජීවි නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටියේ නැත.
ඒ හේතුවෙන් නියෝජ්‍ය ඇමැතිවරයා වනජීවි නිලධාරීන්ට දුරකතනයෙන් අමතා චෝදනා කළේය.
පසුව නියෝජ්‍ය ඇමැතිවරයා ගම්වාසීන් එක්ව හම්බන්තොට වනජීවි කාර්යාලයට පැමිණි අතර වනජීවි නිලධාරීන් නියෝජ්‍ය ඇමැතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.
පසුව සුරියවැව ප්‍රදේශයේ ගම් වදින වන අලි එළවීමේ මෙහෙයුමක් ඊයේ (09) රාත්‍රි සුරියවැව මදුනාගල ප්‍රදේශයෙන් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් වන අලි මෙහෙයුම අතරතුර ඇති වු උණුසුම් තත්වයක් හේතුවෙන් රාත්‍රි 11.00ට පමණ වන අලි මෙහෙයුම නතර කිරීමට සිදු විය.
මෙම වන අලි මෙහෙයුම සදහා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ, වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවි නියෝජිතයින් හා හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්ෂක ජේ.ඒ.පී. විජයකුමාර මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක්ද එක්ව සිටියහ.
එම ස්ථානයට ගිය වනජිවි නිළධාරීන් අලි වෙඩි දමා වන අලි පන්නා දැමීම සිදු කළ නමුත් රාත්‍රි 11 වන විටත් වන අලි හත් දෙනා ගමින් කැලයට පන්නා දැමිමට නොහැකි විය.
අලි හත්දෙනා ඒ මේ අත යමින් ප්‍රදේශයේ විශාල කළබළයක් ඇති කළේය. කෙසේ වෙතත් රාත්‍රි 11 වන විටත් වනජීවි නිළධාරින් හා ගම්වාසීන් මෙන්ම වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයාද බලා සිටියදිම වන නැවත කුණු වළ අසලට පැමිණ අසල තිබු කැලයකට වැදිමත් සමඟ එහි ඇති වුයේ දැඩි උණුසුම් තත්වයකි.
එහිදී ගම්වාසීන් වනජීවී නිළධාරීන්ට චෝදනා කලේ වනජිවි නිළධාරීන් හිතා මතාම මෙම වන අලි එළවීමේ මෙහෙයුම කඩාකප්පල් කළ බවයි.
මෙහිදී වනජිවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාද වනජිවි නිළධාරීන්ට චෝදනා කළේ පෙර දැනුම් දිමක් කර තිබියදිත් මෙම අලි මෙහෙයුම සදහා වනජිවී නිළධාරීන් මෙය කඩාකප්පල් කිරීමට පියවර ගත් බව පවසමිනි.
කෙසේ වෙතත් වන අලි මෙහෙයුම අසාර්ථක වීම කෙරෙහි ගම්මුන්ගෙන් හා වනජිවි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන්ද චෝදනා එල්ල වුයේ හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිළධාරීන්ටය. මෙහිදි එක් රැස්ව සිටි ගම්වාසීන් පැවසුවේ “වනජීවි එකේ අය ඇවිත් ගමේ අලි එළවිම කෙසේ වෙතත් අලි වෙඩි ගහලා මහා සංදර්ශනයක් නම් දැම්මා. මෙහෙම අලි එළවන්න බෑ යනුවෙනි.“
කෙසේ වෙතත් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා එම අවස්ථාවේදීම වනජිවි අධ්‍යක්ෂවරයාද දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත් අතර මෙහි ඇතිවි ඇති තත්වය පිළිබදවද අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළ අතර නැවත වන අලි මෙහෙයුම අද(10 ) රාත්‍රියේ ආරම්භ කරන බවත් ඒ සදහා නිසි පුහුණුවලත් නිළධාරීන් මේ සදහා සම්බන්ධ කරන ලෙසත් දැන්විය.
එම වීඩියෝව පහතින්,
COMMENTS