දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිපය 2015 කුමන්ත්‍රණය නැවත කරන්න හදනවාදැයි අපට සැකයි - පොහොට්ටුවේ ෂෙහාන්ගෙන් ප්‍රහාරයක්
Homeප්‍රවෘත්ති

ශ්‍රීලනිපය 2015 කුමන්ත්‍රණය නැවත කරන්න හදනවාදැයි අපට සැකයි - පොහොට්ටුවේ ෂෙහාන්ගෙන් ප්‍රහාරයක්

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින දේශපාලනඥයින් 2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කුමන්ත්‍රණය කළ ආකාරයෙන්ම නැවතත් වත්මන් රජයට එරෙහිව කුම...

අලුතින් සිංහල ජනාවාස ඉදි කිරීම කෙරෙහි දෙමළ ජාතික සන්ධානයේ විරෝධය
අලුතින් ගෙනා ගුවන් යානයේ කොමිස් කතාව වසන්ත සමරසිංහ හෙළි කරයි
මන්නාරමෙන් හමු වූ මිනිස් ඇට සැකිලි ඇමරිකාවට යවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින දේශපාලනඥයින් 2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කුමන්ත්‍රණය කළ ආකාරයෙන්ම නැවතත් වත්මන් රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමට සූදානම් වන්නේ නම් ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැඟී සිටිය යුතු බව ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයකු වන ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි. 

"එදා දයාසිරි ජයසේකර අපේ සහෝදර ඇමතිවරයා පොදුජන පෙරමුණට හා රජයට කරපු විවේචනයේ දිගුවක් තමයි තමුන්නාන්සෙලා අනුරාධපුරයේදී දැක්කේ. 

ඒ හින්දා හොඳින් මතක තියාගන්න, අපි ගොඩනගපු ආණ්ඩුවක් මේක. ඒ ගොඩනගපු ආණ්ඩුවේ අපට විරුද්ධ වෙච්ච, යහපාලනයත් එක්ක දීග ගියපු, තමුන්නාන්සෙලා විනාශයට අරගෙන ගියපු කණ්ඩායම්වලට නැවතත් මේ ආණ්ඩුව කඩා බිඳදාන්න ඉඩ දෙනවද නැද්ද කියන කාරණාව අපි තීන්දු කරන්න ඕනෙ. ඒ හින්දා අවුරුදු 5ක් ඒ ආණ්ඩුවේ ඉඳලා ඒ වැඩේත් නොකර මේ ආණ්ඩුවෙන් පාර හදද්දී ජනතාව උද්ඝෝෂණ වලට ගේන්න කටයුතු කරනවා. මෙන්න මේවා තමයි අපි අවධානය යොමු කළයුතු ප්‍රශ්න. 

අපි දේශපාලන පක්ෂයක් හෑල්ලුවකට ගන්නවා නෙවෙයි, හැබැයි ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෝ හදනවා නම් 2015 අපෙ ආණ්ඩුව ඇතුළෙම ඉඳලා එදා මහින්ද රාජපක්ෂ මහත්තයාට එරෙහිව කරපු කුමන්ත්‍රණය නැවතත් ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ කියන නායකයින් දෙන්නාට එරෙහිව ක්‍රියාත්මක කරනවා නම් අපි ඊට විරුද්ධව නැඟී සිටිය යුතුයි කියන එකයි මං මේ කියන්න හදන්නෙ. 

මට පේන විදියට මේ හදන්නෙ තීරණාත්මක මොහොතක් ආවාම 2015 කරපු දේ ඒ විදියටම නැවතත් කරන්නද කියන සැකය අපට එන්නෙ නැද්ද ?" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති රැස්වීමක් අමතමිනි. අනුරාධපුර, රන්පත්විල හන්දිය ප්‍රදේශයේ මාර්ගයක් පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් පෙරේදා දිනයේදී ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අතර එම මාර්ගය පිළිසකර කිරීමට සියල්ල සූදානම් කර තිබියදී අදාළ උද්ඝෝෂණය ශ්‍රීලනිපයේ අනුරාධපුර දිස්ත්‍රික් දේශපාලනඥයකු විසින් මෙහෙයවා ඇති බවට ඒ මහතා එහිදී චෝදනා කළේය. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිපය 2015 කුමන්ත්‍රණය නැවත කරන්න හදනවාදැයි අපට සැකයි - පොහොට්ටුවේ ෂෙහාන්ගෙන් ප්‍රහාරයක්
ශ්‍රීලනිපය 2015 කුමන්ත්‍රණය නැවත කරන්න හදනවාදැයි අපට සැකයි - පොහොට්ටුවේ ෂෙහාන්ගෙන් ප්‍රහාරයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjn2VgmnTvMVXfAx0evRU-gDIXXTX3-o5Rq74fNQMwaaVaOsN4Q0HqayHNh2dFTXDLFQana6BMrgqkkwekQDpcWF4j7u8VRt8H4pVfBQRRZJrKkupZO5gy9IZ1jhMvI5DmL6S-TIWovD4I/s320/shehan.semasinghe45.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjn2VgmnTvMVXfAx0evRU-gDIXXTX3-o5Rq74fNQMwaaVaOsN4Q0HqayHNh2dFTXDLFQana6BMrgqkkwekQDpcWF4j7u8VRt8H4pVfBQRRZJrKkupZO5gy9IZ1jhMvI5DmL6S-TIWovD4I/s72-c/shehan.semasinghe45.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/2015.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/2015.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy