ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා, තමා විජයකලා අමාත්‍යවරිය සම්බන්ධ කරගන්නා බව පවසමින් මාධ්‍යවේදීන් ඉදිරිපි...
ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා, තමා විජයකලා අමාත්‍යවරිය සම්බන්ධ කරගන්නා බව පවසමින් මාධ්‍යවේදීන් ඉදිරිපිටදී දුරකථන ඇමතුමක් ගනු ලැබීය.
එහිදී ප්‍රසිද්ධියේ දුරකථන සංවාදයේ යෙදුණු අමාත්‍යවරිය හා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට දුරකථන සංවාදයේ සියල්ල අසන්නට සැලැස්විය.
කෙසේ වෙතත් එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ, තමාට එවැනි ප්‍රකාශයක් සිදුවුයේ එම අවස්ථාවේ පැවති ආතතිය නිසාවෙන් බවයි.
මේ අතර රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ සංවිධානය ගැන පෙරේදා (02) සිදු කළ ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතීයේ යම්කිසි විධිවිධානයක් උල්ලංඝණය වී ඇත්දැයි විමර්ශනය කොට අදාළ පියවර ගන්නා ලෙස කථානායක කරූ ජයසූරිය මහතා නීතීපතිවරයාට දන්වා තිබේ.
ඊයේ (03) දිනයේ පාර්ශ්ව කිහිපයක් විසින්ම අමාත්‍යවරියගේ එම ප්‍රකාශයට එරෙහිව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරනු ලැබීය.
යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති 'ජනපති නිල මෙහෙවර ' වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේය.
මෙම ප්‍රකාශයට එරෙහිව අවස්ථා තුනකදි සිංහල රාවය සංවිධානය, පිවිතුරු හෙළ උරුමය හා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විජයකලා අමාත්‍යවරිය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එම වීඩියෝව පහතින්,
COMMENTS