දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙට්‍රෝපොලිටන් RMV ඩ්‍රයිවින් ලයිසන් වංචාවේ මහ මොළකාරයෝ මෙන්න
Homeප්‍රවෘත්ති

මෙට්‍රෝපොලිටන් RMV ඩ්‍රයිවින් ලයිසන් වංචාවේ මහ මොළකාරයෝ මෙන්න

PropellerAds

රියදුරු බලපත් සකස් කිරීම සඳහා ලබාදුන් මෙට්‍රොපොලිටන් (Metropolitan) පුද්ගලික සමාගමේ කාලය අවසන්වී වසර දෙකක් ගතවී ඇතත් අදාළ වසර දෙකට ප්‍රමාද ...

මව්බිමෙන් වන්දි ඉල්ලා ඇමැති චම්පික පැවරූ නඩු 2ක් ඉල්ලා අස්කර ගනී
රුපියල තවත් බාල්දු වෙයි
කියුබා මාෆියා නායකයා උසාවි ගේනවිටත් විනිසුරුවරුන් ඉවත් වුණා – රාජිත සේනාරත්න
රියදුරු බලපත් සකස් කිරීම සඳහා ලබාදුන් මෙට්‍රොපොලිටන් (Metropolitan) පුද්ගලික සමාගමේ කාලය අවසන්වී වසර දෙකක් ගතවී ඇතත් අදාළ වසර දෙකට ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් මිලියන පනස්හයදාස් තුන්සිය හයක මුදලක් (56,306) අදාළ සමාගමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව ගෙවා ඇති බව මේවන විට හෙළිව තිබේ.

අදාළ සමාගම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ විදුලිය, ජලය ඇතුළු සියලු පහසුකම් බුක්ති විදිමින් කටයුතු කළ ද රියදුරු බලපත්‍රයක් සකස් කිරීම සදහා අයකරන රුපියල් 1300 ක මුදලින් රජයට ලැබෙන්නේ රුපියල් 15/- ක මුදලක් බවද මේ වන විට හෙළිව ඇත.

ලයිසන් එකෙන් ආණ්ඩුවට 15යි - මෙට්‍රොපොලිටන්ට 1,285යි

ඒ අනුව එම සමාගම එක් රියදුරු බලපත්‍රයකින් රුපියල් 1,285ක  මුදලක් උපයාගෙන තිබේ. මෙසේ මේවන විට මසකට රියදුරු බලපත්‍ර 40,000කට වැඩි ප්‍රමාණයක් සකස් කරණ බවද වාර්තා වේ.

මෝටර් රථ දෙපාර්තුමේන්තුව මගින් නිකුත් කරන රියදුරු බලපත් සැකසීම සදහා කොත්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ 2009 වසරේ සිට 2016 දක්වා වු කාලය සඳහාය.

නමුත් අදාළ කාල සීමාව ඉක්ම ගියද මෙම සමාගම ඉවත්කර නොමැත.

2016 සිට 2019 දක්වා ම මේ සමාගම සියලු රියදුරු බලපත් ඇතුළු මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ කටයුත සිදු කලද මේ පිලිබඳ කිසිවකුටවත් අදාළ සමාගමට විරුද්ධව කටයුතු කර නොමැති බව මේ වන විට හෙළිව තිබේ.

ඊට හේතුව වී ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ සිදු කරන සියලු රාජකාරි සදහා වු දත්ත පද්ධිතිය මොවුන් සතුවීම නිසාය.

රියදුරු බලපත් මුද්‍රණ කොන්ත්‍රාත්තව ලබාගෙන සිටින මෙට්‍රොපොලිටන් ආයතනය මේ ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ build operate transfer ටෙන්ඩර් ක්‍රමවේදයට අනුවය. ඒ අනුව ඔවුන් පුද්ගල දත්ත මෝටර් රථ කොමසාරිස් කාර්යාලයට ලබාදීමට බැදී සිටියි.

සුරේගේ හොරේ 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ එක්තරා තොරතුරු තාක්ෂණ නිලධාරියකුගේ අවශ්‍යතාවය මත මේ සියලු දත්ත පද්ධති සකස් කර තිබේ.

රියදුරු බලපත්‍රය වසර 10ක කාලයක් කල් පවතින බවට අදාළ සමාගම සහතිකයක් ලබාදී ඇතත් මෙය මාස 5-6ක් ඇතුළත දුර්වර්ණවී විනාශවී යාමේ තර්ජනයට ලක්වන බවද පැවසේ.

කෙසේවුවද, රියදුරු බලපත්‍ර මුද්‍රණය දැනට සිදුකරනු ලබන මෙට්‍රෝපොලිටන් ආයතනය විසින් ලබාදෙන රියදුරු බලපත්‍රය දෙකට මැද්දෙන් කැඩීයාමේ ප්‍රවණතාවයක් ඇති බාල එකක් බවද පැවසේ.

මෝටර් රථ කොමසාරිස් කාර්යාලයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ එසේ රියදුරු බලපත්‍රවලට හානිවූයේ යැයි ලැබෙන පැමිණිලි දිනෙන් දිනම වැඩිවෙමින් ඇති බවයි.

එසේම එහි ඇති චිපයේ දත්ත ගබඩා වෙන්නේද යන්න පිළිබඳව ද සැකයක් ඇතිව තිබේ.

ඒ අදාළ ටෙන්ඩරයට අනුව එම චිපය පරික්ෂා කිරීමේ උපකරණ මෙට්‍රොපොලිටන් සමාගමෙන් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට හා පොලිස් ස්ථානවලට ලබාදිය යුතු වුවත් එය මෙතෙක් සිදුව නොමැති බවද පැවසේ.

සමාගමේ ගිවිසුමත් දෙපාර්තමේන්තුවෙන් අතුරුදහන් - ඇමති අමරවීර

අදල සමාගමට ගිවිසුම් ලබාදීම සම්බන්ධයෙන් මෝටර් රථ දෙපාර්තුමේන්තුව හෝ ප්‍රවාහන අමාත්‍යංශයේ කිසිදු තොරතුරක් නොමැති බවද මගී ප්‍රවාහන කළමණාකරණ ඇමති මහින්ද අමරවීර මහතා මේ අතර හෙළිකර තිබේ.

ඔහු වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් මෙසේද කියා සිටී.

"මේ ගිවිසුම හදා තිබෙන්නේත් අදාළ සමාගමයි.ගිවිසුමේ පිටපතක් මෝටර්රථ දෙපාර්තුමේන්තුවේ හෝ ප්‍රවාහන අමාත්‍යංශයේවත් නොමැත.ඒ මදිවට රියදුරු බලපත්‍රයක් සකස් කිරීමට . මෙහෙම කරන අදාළ සමාගමට ඊ මෝටරින් ව්‍යාපෘතියත් ,ඊට අමතරව කැමරා පද්ධිති සවිකිරීමේ කොන්ත්‍රාත්තුවත් ,ලබාදී තිබෙනවා.මේ මෝටර් රථ දෙපාර්තුමේන්තුව සතුව ඇති දත්ත පද්ධතියෙන් සියයට හැත්තෑ පහක් (75%) තිබෙන්නේ අදාළ සමාගම සතුවයි.එතකොට ඕනෑවෙලාවක මේ සමාගමට පුළුවන් අමාත්‍යංශය තරහා වුනොත් දත්ත පද්ධතිය විනාස කරන්න .එවිට එ සියල්ල ඉවරයි. ඇයි මේ දත්ත පද්ධතිය රජය යටතේ තබා ගත්තේ නැත්තේ . මේ සියල්ල කර ඇත්තේ තොරතුරු තාක්ෂණ නිලධාරියෙකුගේ අවශ්‍ය තාවය මතය මේ සියල්ල කර ඇත්තේ .අනික් කිසිදු කෙනෙක් කියන දෙයක් අදාළ සමාගම ගනන් නොගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇත.එහි ප්‍රථිපලයක් ලෙස මෙසේ විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු වශයෙන්ද ගෙවීමට සිදුවී තිබේ..අදාළ ගිවිසුම් කාලය තුළ මානව සම්පත් පුහුණු කිරීමක් ඇතුළත් වී තිබුණද ඒගිවිසුමට අනුව කිසිකෙනෙක් පුහුණු කර තැහැ. අඩුම තරමින් හතර දෙනෙකුවත් පුහුණු කර තිබුණේනම් එම සමාගම නැතත් ආයතනය ඇදගෙන යාමට පුළුවන් වෙයි.”

මහ මොළකාරයෝ

මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ශ්‍රී ලංකා මිරර් අප විසින් පසුගිය රජය සමයේද හෙළිදරව් කිහිපයක් සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් එවකට සිටි කිසිවකුගේ අවදානය යොමු නොවුණි.

අදාළ ටෙන්ඩරය කිසිදු අයුරකින්  මෙට්‍රොපොලිටන් (Metropolitan) සමාගමෙන් පිට නොයාමට රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු හවුල්ව ඇති බවට මේවන විට චෝදනා එල්ලවී තිබේ.

ඒ අතරින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා හා කාර්යාලයේ තොරතුරු හා සංනිවේදන කොමසාරිස් තුෂාර සුරවීර මහතා ප්‍රධාන වන බවද පැවසේ.

ඊට අමතරව, සහකාර කොමසාරිස් තාක්ෂණික ජේ.ඒ.එස්. ජයවීර මහතා හා දැනට වැඩබලන කොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලබන උපාලි ජයසේකර යන අයටත් චෝදනා එල්ලවී තිබේ.

-srilankamirror
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙට්‍රෝපොලිටන් RMV ඩ්‍රයිවින් ලයිසන් වංචාවේ මහ මොළකාරයෝ මෙන්න
මෙට්‍රෝපොලිටන් RMV ඩ්‍රයිවින් ලයිසන් වංචාවේ මහ මොළකාරයෝ මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkJUqfnJZkiyER184Ic2h8DF1mpKesvCyD5tuxiRy81NWSBKY98cq6T8-9cxe-0JtrcfC2L2HjkCStTAZ003vuYr8dypPxxcIPW9Qpd_fkW-l-g5IwrPSSyvLUHlKjiTBeWCBeHblBr6M5/s320/metropoli.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkJUqfnJZkiyER184Ic2h8DF1mpKesvCyD5tuxiRy81NWSBKY98cq6T8-9cxe-0JtrcfC2L2HjkCStTAZ003vuYr8dypPxxcIPW9Qpd_fkW-l-g5IwrPSSyvLUHlKjiTBeWCBeHblBr6M5/s72-c/metropoli.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/rmv.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/rmv.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy