දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ මෝල් වැටලීම අසාර්ථකයි... ඩඩ්ලි අඩුවට දෙන්න බෑ කියයි... සංඝරත්නය රත්න හිමිකරුගේ සහායට!
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ මෝල් වැටලීම අසාර්ථකයි... ඩඩ්ලි අඩුවට දෙන්න බෑ කියයි... සංඝරත්නය රත්න හිමිකරුගේ සහායට!

PropellerAds

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩාවල සහල් ලබාගැනීම සඳහා ඊයේ (08 වැනිදා) ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී සහල් කිලෝග්‍රෑම...

සජිත් පිල මංගලගේ නිවසේ කදවුරු බදී.. සජිත්ම ඉල්ලා 2/3ක් අත්සන් තබා ඉල්ලති.. එජාප ප‍්‍රබලයෝත් ඒ අතර
එස්.බී.- ඩිලාන් පොහොට්ටුවේසා මාජිකත්වය ගනී !
චක්‍රලේකවලට පටහැනි දේශපාලන පත්වීම්වලින් නිවාස සංවර්ධන අධිකාරිය පුරවලා !
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩාවල සහල් ලබාගැනීම සඳහා ඊයේ (08 වැනිදා) ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් පමණක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට ලබා දීමට වී මෝල් හිමියෝ එකඟ වී ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඇතුළු විමර්ශන නිලධාරීන් පොලිසිය, ස.තො.ස. හා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ලබාගැනීම ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ආරම්භ කරන ලදී.

ලබා ගන්නා සහල් ස​.තො.ස. වෙත රැගෙන ඒම සඳහා ස.තො.ස. ආයතනය සතු ලොරි 70ක්ද රැගෙන ගිය නමුත් ලොරි 39කට ප්‍රමාණවත් සහල් පමණක් ලැබුණු බව අනාවරණය වේ.

නිපුන සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි හයකට, අරලිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි විස්සකට, නිව් රත්න සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි දහයකට සහ සූරිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි තුනකට ප්‍රමාණවත් සහල් ලැබී තිබේ. සම්බා, කීරි සම්බා සහ නාඩු සහල් තොග මෙලෙස ලැබී ඇත. ලබා ගත් සහල් ස.තො.ස. මගින් අලෙවි කර දින දහයක් ඇතුළත මුදල් ගෙවන බවට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය වී මෝල් හිමියන්ට පොරොන්දු වී ඇත. සහල් පාලන මිලට වඩා රුපියල් 3-5ත් අතර අඩු මුදලකට ලබාගෙන ඇත. අරලිය සහල් කර්මාන්ත ශාලාවේදී එහි හිමිකරු ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කර ඇත්​තේ වී සඳහා ඉහළ මිලක් ගෙවීම හේතුවෙන් සහල් අඩු මිලකට ලබාදිය නොහැකි බවයි. තමන් මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව ඔහු කරුණු පැහැදිලි කර රටේ නීතියට ගරු කරමින් සහල් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

නිව් රත්න සහල් මෝලෙන් සහල් ලබාගැනීමට යාමේදී මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කර බාධා එල්ල කර තිබේ. ‘‘දේශීය ආයතනවලට කරදර නොකරන ලෙසත් සහල් බලහත්කාරයෙන් ලබා නොගන්නා ලෙසත් මහා සංඝතරන්ය ඉල්ලා සිටියහ. මෙම ස්ථානයට විමර්ශන නිලධාරීන් පැමිණෙන විට නිව් රත්න සහල් ලොරි අටක සහල් පුරවා තිබූ අතර එක් සේවකයකු එම ලොරිවල තිරිංග ගලවා ඉවත් කිරීමට සූදානම් වුවද පොලිසිය එය ව්‍යර්ථ කළේය. කෙසේ වෙතත් විවිධ බාධා මධ්‍යයේ ලොරි දහයකට ප්‍රමාණවත් සහල් ලබාදීමට නිව් රත්න සහල් කර්මාන්ත ශාලා හිමිකරු එකඟ වී ඇත.

සහල් ලබාගැනීමට පෙර අත්‍යවශ්‍ය සේවා කොමාසාරිස් ජනරාල් කාර්යාලය මහා පරිමාණ වී මෝල්වල ඇති සහල් හා වී තොග පිළිබඳ වාර්තාවක් පොළොන්රුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබාගෙන තිබේ. එම වාර්තාවට අනුව මහා පරිමාණ වී මෝල් හතරක වී කිලෝග්‍රෑම් මිලියන 136ක් ඇති බව අනාවරණය වී තිබේ. -අරුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ මෝල් වැටලීම අසාර්ථකයි... ඩඩ්ලි අඩුවට දෙන්න බෑ කියයි... සංඝරත්නය රත්න හිමිකරුගේ සහායට!
ආණ්ඩුවේ මෝල් වැටලීම අසාර්ථකයි... ඩඩ්ලි අඩුවට දෙන්න බෑ කියයි... සංඝරත්නය රත්න හිමිකරුගේ සහායට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_vHIG_g_EXKXV6Snk7lDT3A9_yS9N9HLLkmP04Ib1UkGxyt8UpO0HnxrTF6GTIBtxNQbqngCn4WvuzGXtB8DVROg04hwxSWvOgUO5NYt9B0_QqASVCeZhsld4L_nO2h23th0n1z80bGic/s320/DUDLY-SIRISENA.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_vHIG_g_EXKXV6Snk7lDT3A9_yS9N9HLLkmP04Ib1UkGxyt8UpO0HnxrTF6GTIBtxNQbqngCn4WvuzGXtB8DVROg04hwxSWvOgUO5NYt9B0_QqASVCeZhsld4L_nO2h23th0n1z80bGic/s72-c/DUDLY-SIRISENA.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_435.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_435.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy