පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ඊයේ (16) දින පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර ධර්ම සහ වරප්‍රසාද කාරක සභාව හමුවේ පෙනී සිටියේය. ඒ පසුග...
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ඊයේ (16) දින පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර ධර්ම සහ වරප්‍රසාද කාරක සභාව හමුවේ පෙනී සිටියේය.
ඒ පසුගියදා පාර්ලිමේන්තු සභාගර්භය මධ්‍යට පැමිණ සිදුකළ විරෝධතාවයක් අතරතුර මන්ත්‍රී ආචාර ධර්ම කඩකළ බවට ඔහුට එල්ල වී ඇති චෝදනාවකට අදාළවයි.
හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මියට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකර ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරන්නැයි ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් පසුගිය තුන් වනදා පාර්ලිමේන්තු සභා ගර්භය මධ්‍යයට පැමිණ විරෝධතාවයක නිරත වුණි.
විරෝධතාවය අතරතුර ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර ධර්ම සහ වරප්‍රසාද කඩවූ බැවින් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නැයි පසුගිය 4 වනදා රාජ්‍ය අමාත්‍ය අජිත්. පී. පෙරේරා මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය .
ඒ අනුව මන්ත්‍රී ආචාර ධර්ම සහ වරප්‍රසාද යෝජනාවක් ලෙස අජිත් .පී. පෙරේරා මහතා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ප්‍රසන්න රණවීර මහතාට ඊයේ දින පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර ධර්ම සහ වරප්‍රසාද කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ අදාල සිදුවීම සම්බන්ධයෙන් ලබා දෙන ඔනෑම දඬුවම් විඳිමට තමන් සුදානම් බවත් අවශ්‍ය නම් මන්ත්‍රී ධුරය වුවත් අත්හැරිමට සුදානම් බවය.
COMMENTS