අලුත් බදු ප්‍රතිපත්තියෙන් මුදල් අමාත්‍යවරයාගේ බලතල කිහිපයක් කැපී ඇතැයි වාර්තා වේ. ලබන අගෝස්තු 25 වැනිදා නව සංශෝධන සහිතව මෙම නව බදු ප්‍රත...
අලුත් බදු ප්‍රතිපත්තියෙන් මුදල් අමාත්‍යවරයාගේ බලතල කිහිපයක් කැපී ඇතැයි වාර්තා වේ.
ලබන අගෝස්තු 25 වැනිදා නව සංශෝධන සහිතව මෙම නව බදු ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.
මුදල් ඇමතිවරයාට හිමිව තිබුණු විශේෂ වරප්‍රසාදයක් සේ සැලැකුණු තම අභිමතය පරිදි ඕනෑම අයකුගේ බදු මුදල් අයකර ගැනීම ඉවත් කිරීම, අඩු කිරීම හෝ වැඩි කිරීමට තිබූ හැකියාව නව බදු ක්‍රමය අනුව අහිමිවීමට නියමිතය.
මේ වරප්‍රසාදය දැවැන්ත ව්‍යාපාරිකයන්ගෙන් රජයට බදු අයකර ගැනීමට ඇති අවස්ථාව අහිමි කිරීමක් බවට මීට පෙර තර්ක මතුව තිබිණි.
COMMENTS