බන්ධනාගාර නිලධාරීන්ගෙන් තුනෙන් එකක් මානසික විඩාවෙන් පෙළෙන බව සමීක්ෂණයකදී හෙළි වී තිබේ. බන්ධනාගාර නිලධාරීන්ගෙන් සියයට 38.8ක් පෞද්ගලික නිපු...
බන්ධනාගාර නිලධාරීන්ගෙන් තුනෙන් එකක් මානසික විඩාවෙන් පෙළෙන බව සමීක්ෂණයකදී හෙළි වී තිබේ.
බන්ධනාගාර නිලධාරීන්ගෙන් සියයට 38.8ක් පෞද්ගලික නිපුණනතාවය අඩු වීම පිළිබඳ හැඟීමකින් පෙළෙන බවත් මානසික වෙහෙස ගතිය පෙන්නුම් කළ ප්‍රතිශතය සියයට 98.6 ක් බවත් එම සමීක්ෂණයට අනුව අනාවරණය වී ඇත.
එමෙන්ම සිය සේවාලාභීන් පිළිබඳ සෘණාත්මක හැඟීම් ඇති වීම හා ඔවුන්ගෙන් ඈත්වීම අත්දුටු ප්‍රතිශතය සියයට 26.9ක් බව එහිදී අනාවරණය වී තිබේ.
බන්ධනාගාර නිළධාරීන් හා පුනරුත්ථාපන නිළධාරීන් 1803ක් මෙම සමීක්ෂණය සඳහා සහභාගී කරවාගෙන ඇති අතර බන්ධනාගාර නියාමකවරුන් බන්ධනාගාර නිළධාරීන් ලෙස ප්‍රධාන වශයෙන් සහභාගි කරවාගෙන ඇත. වැලිකඩ බන්ධනාගාරය, මහර, දුම්බර, ගාල්ල, බූස්ස, පෙළොන්නරුව, බදුල්ල, වාරියපොළ, කුරුවිට, කළුතර, මීගමුව, කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාර, කන්දේවත්ත, වීරවිල, වටරැක, කුරුවිට, වාරියපොළ යන වැඩ කඳවුරු මෙන්ම පල්ලේකැලේ එළිමහන් සිර කඳවුර, අඹේපුස්ස, හබෝද නෙත් සෙවන, වටරැක තරුණ වරදකරුවන් සඳහා වූ පුහුණු මධ්‍යස්ථානවල සේවය කරන බන්ධනාගාර නිළධාරීන් මෙම සමීක්ෂණයට දායක කර ගෙන ඇත.
වෛද්‍ය නිමාලි විජේවර්ධන මහතත්මිය ‘බන්ධනාගාර නිළධාරීන්ගේ මානසික දාහය‘ පිළිබඳ කළ විද්‍යාත්මක සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. එහි අන්තර්ගතය පිළිබඳ බන්ධනාගාර නිළධාරීන් දැනුම්වත් කිරීම හා එම සමීක්ෂණ වාර්තාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිළිගැන්වීමේ උත්සවයේදී මෙම තොරතුරු අනාවරණය විය.
COMMENTS