එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඉදිර...
එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා නිතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි අපරාධ නිවාරණ කොට්ඨාසය පවසයි.
මේ සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලබා ගැනීම සදහා රජයේ නිතීඥවරයෙකුගේ සහායක් ලබා දෙන්නැයි අපරාධ නිවාරණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රයන්ත ලියනගේ මහතා පසුගිය 09 වැනිදා නීතිපතිවරයාට ලිපියක් යොමුකොට ඇති බව වාර්තාවේ.
පසුගිය 02 වැනිදා යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැති රාජ්‍ය උත්සවයකදී කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් ජාතීන් අතර අසමගිය අතිවන ආකාරයෙන් මෙම ප‍්‍රකාශය සිදුකර තිබුණි.
COMMENTS