උතුරු පළාත් සභාවේ ආනන්දි සෂිහරන් ඇමතිවරියට පිස්තෝලයක් ලබාදීම නීති විරෝධී බව කියමින් මුස්ලිම් ජාතික පළාත් සභා මන්ත්‍රීවරයෙකු පසුගිය 22 වන ද...
උතුරු පළාත් සභාවේ ආනන්දි සෂිහරන් ඇමතිවරියට පිස්තෝලයක් ලබාදීම නීති විරෝධී බව කියමින් මුස්ලිම් ජාතික පළාත් සභා මන්ත්‍රීවරයෙකු පසුගිය 22 වන දා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.
උතුරු පළාත් සභාවේම එම මන්ත්‍රීවරයා කියා සිටින්නේ ආනන්දි සෂිහරන් අමාත්‍යවරියට පිස්තෝලයක් ලබාදීමට තරම් ආරක්ෂාව අතින් තර්ජනයක් නොමැති බවයි.
එසේම අමාත්‍යවරියට පිස්තෝලයක් ලබාදීමට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් ඇය පිළිබදව මනා විපරම් වාර්තාවක් ලබාගෙන නොමැති බවද මන්ත්‍රීවරයා කියා සිටියි.
සෂිහරන් ඇමතිවරියගේ ස්වාමි පුරුෂයා එල්.ටී.ටී.ඊ.නායකයෙකු බව පෙන්වා දෙන එම මන්ත්‍රීවරයා ඇමතිවරිය තම ස්වාමිපුරුෂයා අතුරුදහන් කරණ ලද්දේ යුද හමුදාව විසින් බව කියමින් යුද හමුදාවට එරෙහිව මුලතිව් අධිකරණයේ නඩු කියමින් සිටින බවද පෙන්වා දෙයි.
එවැනි තැනැත්තියකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පිස්තෝලයක් නිකුත් කිරීමට පියවර ගැනීම කිසිසේත්ම අනුමතකළ නොහැකි බව එම මන්ත්‍රීවරයා කියා සිටියි.
දිනසේන රතුගමගේ
COMMENTS