දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැසිල් කනස්සල්ලෙන් රට යයි...
Homeගොසිප්

බැසිල් කනස්සල්ලෙන් රට යයි...

PropellerAds

ඒකාබද්ධයේ ඇතැමුන්ගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පාලනය කරගත නොහැකි වීමෙන් ශ්‍රී ලංකා පොදුජ...

යුරෝපයේ සුවිසල්ම කංසා ෆැක්ටරිය එංගලන්තයේදී වටළයි
බැඳුම්කර කොමිසම ඇරඹේ - කවදාවත් නැතිව වෙන්දේසිදා අධිපති මහේන්ද්‍රන් ආපු බව හෙළිවේ
සයිටම් නිසා අද 3 උදේ වරුවම බස්නාහිර රෝහල් වැඩ නවතී


ඒකාබද්ධයේ ඇතැමුන්ගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පාලනය කරගත නොහැකි වීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) මහ මොලකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

වාර්තා වන ආකාරයට පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව නම් නොකරන ලෙස එම විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දැනුම්දී ඇත. එහෙත් දිගින් දිගටම ඔවුන් එම නියෝගයට පිටුපාමින් කටයුතු කරමින් සිටියි.

සේරම පිටිපස්සේ ගෝඨාභය ඉන්නවා : අජිත් ප්‍රසන්නයා දාලා මට ගහනවා - බැසිල් 

මෙහිදී එක් අවස්ථාවක බැසිල් රාජපක්ෂ සෘජුවම දුරකථනයෙන් කථාකොට ගෝඨාභය රාජපක්ෂගේ නිල නොලත් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට බැනවැදී ඇති නමුත් ඔහු ඊට පසුදින නැවත බැසිල් රාජපක්ෂටද අභියෝග කර ඇත.

එහිදී මාධ්‍ය හමුවක් පවත්වමින් අජිත් ප්‍රසන්න සඳහන්කර සිටියේ,
"මේ වෙලාවේ මහා ලොකු කතාවක් තියෙනවා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා. මේ සඳහා නම් දෙකක් සඳහන් කරලා දෙන්න පාක්ෂිකයන්ට කැමැත්ත තෝරන්න කියලා ඒක හොඳයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එකකෙනෙක් නම් අනිත් පැත්තේ බැසිල් රාජපක්ෂ මහත්තයා නම් ගෝඨාභයට ද බැසිල්ද ඕනේ කියලා තරඟයක් තියමු. එතකොට ප්‍රතිශතයත් එක්ක බලන්න පුළුවන්. විමලවීර දිසානයක මන්ත්‍රීතුමා කියනවා අපිට එපා ගෝඨාභය අපි කැමති බැසිල්ට. ඉතින් හොඳයිනේ මේ ප්‍රජාතන්ත්‍රවාදය. ගෝඨාද? බැසිල්ද? ගෝඨාද? බැසිල්ද?" යනුවෙනි.

එසේම මෙහිදී අජිත් ප්‍රසන්න විසින් රාජපක්ෂ රෙජීම පාලන සමයේ හමුදාවේ පළිගැනීම් සිදුකළ බවටද අනාවරණය කර සිටියේය.

"කවුද හමුදාපති ලුතිනන් මහේෂ් සේනානායක කවුද ඔහු පසුගිය ආණ්ඩුව කාලේ සරත් ෆොන්සේකට දේශපාලන වශයෙන් උදවු කරා හමුදාවේ ඉන්දැද්දිම කියලා පසුගිය ආණ්ඩුවෙන් බලෙන් විශ්‍රාම යවපු කෙනෙක්. සරත් ෆොන්සේකා මහත්තයා ඔහුව කැඳවන්නේ මේ ආණ්ඩුව පෙරලුනාට පස්සේ. උදාහරණයක් වශයෙන් බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන කියන නිලධාරියා 112 බ්‍රිගේඩ් එකේ සරත් ෆොන්සේකා මහත්තයාගේ වෙනම ටීම් එකක් හිටියා ඒ ටීම් එකට නායකත්වය දෙන්නේ බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන කියලා ඔහුවත් ඉවත් කරලා තිබුණේ. හැබැයි අද ඔහු මේජර් ජෙනරල් වෙලා ඉහළ නිලධාරියෙක්."

පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ පසුබිමේ බැසිල් රාජපක්ෂ තම පාර්ශවය කැඳවා පටන්ගත් ගමන දැන් වෙනතක යන බවය. එහිදී විශ්‍රාමික හමුදාකාරයන් යොදවා මේ විකාර කරන්නේ කවුද යන්න පැහැදිළි බවත් බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත.

ඒ අනුව කෙටි නිවාඩුවකට ලබන මස මුලදී ඇමරිකාව බලා යාමට බලාපොරොත්තුව සිටි බැසිල් රාජපක්ෂ මහතා මෙම කලකිරීම් තත්ත්වය තුළ මාස තුනකට වැඩි කාලයක් එරට රැඳී සිටීමට තීරණය කර ඇතැයි ද පැවසේ.

පෙබරවාරි 10 ඉඳලා පොහොට්ටුව වැටෙනවා - කෙහෙළිය 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පසු පසුබැස ඇති බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ලද පවසා ඇත.

කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා මේ බව  සඳහන් කර සිටියේ එම පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රීක් පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ හමුවක් මහනුවරදී අමතමිනි.

සභාපතිවරු, උප සභාපතිවරු පත් කිරීමේදීත් ලයිස්තුවෙන් මන්ත්‍රී ධුර නම් කරද්දීත් ප්‍රශ්න ඇතිවූ බවත් මන්ත්‍රීවරයා එහිදී කීය.  ආණ්ඩුවේ ගම්පෙරලිය ව්‍යාපෘතිය නිසා තම පක්ෂයේ ගම් මට්ටමේ ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි ද ඔහු කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැසිල් කනස්සල්ලෙන් රට යයි...
බැසිල් කනස්සල්ලෙන් රට යයි...
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVvmznk0vNzKEKptYP_-qseQKW08t8tEf8BeX6P0gc3pZhpXpLFyXHW3qMqJAIsGrrw9o47eK_pBjgCPI3Yx3h-uDpV_6mj0_7n10M99rhKh4au9TvraK0KgW7zoPXJLfDQbcqJoklMHD3/s1600/%25E0%25B6%2591%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B6%259C%25E0%25B6%25B8%25E0%25B6%259A%25E0%25B6%25A7+%25E0%25B6%2591%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B7%2580%25E0%25B7%2590%25E0%25B6%25A9%25E0%25B6%259A%25E0%25B7%258A+-+%25E0%25B6%25B8%25E0%25B7%258F%25E0%25B6%25AD%25E0%25B6%25BB%25E0%25B6%25A7+%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B4%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%25BD%25E0%25B6%259A%25E0%25B7%258A%25E0%25B7%2582+6500%25E0%25B6%259A%25E0%25B7%258A..jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVvmznk0vNzKEKptYP_-qseQKW08t8tEf8BeX6P0gc3pZhpXpLFyXHW3qMqJAIsGrrw9o47eK_pBjgCPI3Yx3h-uDpV_6mj0_7n10M99rhKh4au9TvraK0KgW7zoPXJLfDQbcqJoklMHD3/s72-c/%25E0%25B6%2591%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B6%259C%25E0%25B6%25B8%25E0%25B6%259A%25E0%25B6%25A7+%25E0%25B6%2591%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B7%2580%25E0%25B7%2590%25E0%25B6%25A9%25E0%25B6%259A%25E0%25B7%258A+-+%25E0%25B6%25B8%25E0%25B7%258F%25E0%25B6%25AD%25E0%25B6%25BB%25E0%25B6%25A7+%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25B4%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%25BD%25E0%25B6%259A%25E0%25B7%258A%25E0%25B7%2582+6500%25E0%25B6%259A%25E0%25B7%258A..jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_838.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_838.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy