දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුලියාපිටියට නෑවිත් රුවන්ඩා ගිය වොක්ස්වැගන්.
Homeගොසිප්

කුලියාපිටියට නෑවිත් රුවන්ඩා ගිය වොක්ස්වැගන්.

PropellerAds

යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය නවතම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව පසුගිය ජූනි 27 වැනි දා රුවන්ඩා වේ කිගාලි අ...

2017 අවුරුදු පලාපල
අධික සුළං නිසා අනුරාධපුරයේ හානි
මීතොටමුල්ල ප්‍රශ්නය නිසා කොළඹ කුණු දාන්න දැන් තැනක් නෑලු


යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය නවතම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව පසුගිය ජූනි 27 වැනි දා රුවන්ඩා වේ කිගාලි අගනුවර ආරම්භ කරන ලදී. ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් නව රැකියා 1,000 ක් බිහි වන බව සඳහන් වේ.

ආරම්භයේ දී මෙම කර්මාන්තශාලාවෙන් Volkswagen Polo මෝටර් රථ 5,000 ක් වාර්ෂිකව එකලස්  කිරීමට සැලසුම් කර ඇති අතර අනතුරුව Passat, Tiguan, Amarok සහTeramont යනාදී මෝටර් රථ ද නිපදවීමට මේ වන විට සැලසුම් කර තිබේ.

මාධ්‍යවේදිනියක, ලේඛිකාවක වන නීතිඥ රදිකා ගුණරත්න විසින් මේ සම්බන්ධයෙන් තබන ලද දීර්ඝ සටහනක් මේ දිනවල ෆේස්බුක් හරහා හුවමාරු වෙමින් පවතී. පහත දැක්වෙන්නේ, ජර්මනියේ වොක්ස්වැගන් කම්හල, රුවන්ඩාවේ කිගාලි අගනුවර වෙත ගිය ගමන ඇතුළුව තවත් ආනුශංගික කරුණු රැසකින් සමන්විත එම ලිපියයි. ඇය මෙම ලිපිය ආරම්භ කර ඇත්තේ “රුවන්ඩාවෙන් ඉගෙන ගනිමු“ යනුවෙනි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ කිගාලි අගනුවර පිහිටි වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව පිටතට පෙනෙන ආකාරයයි. මෙය 2018 ජූනි 27 දින රොයිටර් පුවත් සේවයේ Clement Uwiringiyimana විසින් ගන්නා ලද ඡායාරූපයකි.

රුවන්ඩාවෙන් ඉගෙන ගනිමු : රුවන්ඩාවට වොක්ස්වගන් (Volkswagen) කම්හල ගිය හැටි...!

රුවන්ඩාවට වොක්ස්වගන් කම්හල ගිය හැටි පිළීබඳ කතාව වත්මන් රුවන්ඩාව ජනපති පොල් කගාමි ගේ නායකත්වය යටතේ රුවන්ඩාව යන ගමන පිළිබඳ සාක්ෂියකි.

රුවන්ඩාව ලෝකයේ දුප්පත්ම රටවල් 50 න් එකකි. එසේම ත්‍රීරෝද රථ ගණනටම මෝටර් රථ තිබෙන ලංකාව මෙන් නොව, රුවන්ඩාවේ මෝටර් රථ හිමිකරුවන් ගණන ද ඉතා අල්ප ය. නමුත් පසුගිය ජූනි මාසයේ රුවන්ඩාවේ ආරම්භ කළ ප්‍රථම වොක්ස්වැගන් කම්හල මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබේ.

යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය අලුත්ම කම්හල පිහිටුවීම සඳහා කිසිදු පැකිළීමකින් තොරව තෝරාගත්තේ රුවන්ඩාවේ කිගාලි අගනුවරයි.

මෙම ජර්මානු මෝටර් රථ සමාගමේ අලුත්ම රුවන්ඩා එකලස් කිරීම වන්නේ Polo ය. පළමු අදියරේදී එම වර්ගයේ කාර් 5000 ක් එකලස් කිරීමට යෝජිත ය. ඒ හැරුණු විට Passat, Tiguan, Amarok සහTeramont වර්ගයේ මෝටර් රථ ද එහිදී නිපදවෙනු ඇති.

ඒ සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්නේ කෙන්යාව හරහා දකුණු අප්‍රිකාවේ සිට රුවන්ඩාව වෙත නැව්ගත කරනු ලබන මෝටර් රථ කොටස් හා අමුද්‍රව්‍යයන් ය. එය ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජනයකි. රැකියා 1000 ක් මේ පළමු අදියරේදී උත්පාදනය වේ.

රුවන්ඩාව ජීවත් කරවීමට නම් වසරකට ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශ ආධාර අවශ්‍ය ය. රුවන්ඩාවේ ජනගහනය මිලියන 12 කි. ඒ අතරින් මෝටර් රථයක් හිමි අය සිටිනුයේ මුළු රටටම ලක්ෂ 2 ක් පමණකි. මෙම මෝටර් රථවලින් ද වැඩි කොටස සෙකන්ඩ් හෑන්ඩ් ජපන් කාර් ය. නමුත් ඒ තත්වය ඉදිරියේදී වෙනස් වනු ඇත.

2015 මහ මැතිවරණ සමයේදී ලංකාවේ කුලියාපිටිය ප්‍රදේශයට වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ගෙන එන බවට දේශපාලකයන් ගැසූ කයිවාරු ඔබට මතක ඇති. නමුත් එය අවසානයේ ගියේ කුලියාපිටියට නොව කිගාලියට ය.

රුවන්ඩාව සැබවින්ම අපට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. අද වන විට රුවන්ඩාව අප්‍රිකාවේ ඩිජිටල් විප්ලවයේ පෙර ගමන්කරුවෙකි. පොදු බස් රථ, රෝහල්, ටැක්සි රථගාල්වල පවා ෆ්‍රී වයිෆයි තිබේ. කොරියා ටෙලිකොම් සමාගමේ හවුල්කාරිත්වය යටතේ ජනගහනයෙන් 95%කට 4G පහසුකම් ලබාදීමට සැලසුම් කර තිබේ. ඔබට රුවන්ඩාවේ දී දින 2 කින් සියලු නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර, ව්‍යාපාරයක් ආරම්භ කළ හැක. ෆිච් ශ්‍රේණිගත කිරීම්වලට අනුව රුවන්ඩාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබමින් සිටින රටකි. රුවන්ඩාවේ ජනගහනයෙන් 90%කට වඩා සෞඛ්‍ය රක්ෂණ තිබේ.

රුවන්ඩාවේ මිලියන 12 ක ජනගහනයෙන් මිලියන 1ක්ම 2006-2011 අතර කාලයේදී දුප්පත්කම පිටුදැක ඇත. ඒ සඳහා ගෘහ කේන්ද්‍රීය සංවර්ධන විසඳුම් ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබිණි. Girinka වැඩසටහන එයින් එකකි. මේ යටතේ රටේ සෑම දුප්පත් පවුලකටම එළදෙනක් ලබාදුන්නේ කෘෂිකාර්මික කටයුතුවල පහසුව සඳහා පමණක් නොව ඔවුන්ගේ මන්දපෝෂණ අවදානම ද දුරලීම සඳහා ය. කුඩා ව්‍යාපාර අවස්ථා ද ඒ අනුව ජනනය විණි. 2007 වසරේදී රුවන්ඩාව ප්ලාස්ටික් බෑග් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ පළමු රට බවට පත්විය. ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී වෙනස්කම් අවම රටවල් අතරින් රුවන්ඩාව පුරා වර්ෂ ගණනක් තිස්සේ පසුවන්නේ මුල් දස දෙනා අතර ය.

සෑම මාසයකම අවසන් සෙනසුරාදා රුවන්ඩා වැසියෝ සිය ජනාධිපතිවරයා ද සමග ‘උමුගන්ඩා‘ දිනය සමරති. එය වනාහී ජාතික ප්‍රජා සේවා දිනයයි. රුවන්ඩා වැසියන් එදිනට ස්වෙච්ඡාවෙන් රජයේ ගොඩනැගිලිවල ඉදිකිරීමේ කටයුතුවලට සහාය දෙති. කෘෂිකර්මයට රුකුල් දෙන තෙත් බිම් ශුද්ධ පවිත්‍ර කර ගනිති. සිය නගර සහ ගම් පිරිසිදු කර ගනිති. මේ වන විට කිගාලි අගනුවර සැලකෙන්නේ ලෝකයේ පිරිසිදුම නගරයක් ලෙස ය.

මේ බොහෝ ජයග්‍රහණවල පෙර ගමන්කරුවා ජනපති පෝල් කගාමේ (Paul Kagame) ය. ‘‘වොක්ස්වැගන් කම්හල රුවන්ඩාව ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත යන ගමනේ අලුත් පරිච්ඡේදයක්‘ බව ඔහු කීවේය.

පෝල් කගාමි භාරගත්තේ 90 දශකයේදී ටුට්සි – හුටූ සංහාරවලින් ලක්ෂ 8 ක් පිරිමින් කැති ගෑ දේශයකි. මේ රටේ පිරිමින් හිඟ ය. රටේ ශ්‍රම බලකායෙන් 86% ක් කාන්තාවන් ය. අද දිනය වන විට රුවන්ඩාව හැඳින්වෙන්නේ ‘අප්‍රිකාවේ සිංගප්පූරුව‘ යනුවෙනි. එදා සිංගප්පූරුවේ නිර්මාතෘවරුන් සුද්දා දමා ගිය ලංකාව පෙන්නා, ‘මේ තිබෙන්නේ ආසියාවේ මීළඟ ආශ්චර්යය‘ යැයි කීවේය. පසුකලෙක මේ යෙදුම ලංකා දේශපාලනයේ ප්‍රහසනයක් බවට පත්වෙද්දී රුවන්ඩාව දැන් අප්‍රිකාවේ නියම ආශ්චර්යය බවට පත් වෙමින් තිබේ.

(Derana Biz)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුලියාපිටියට නෑවිත් රුවන්ඩා ගිය වොක්ස්වැගන්.
කුලියාපිටියට නෑවිත් රුවන්ඩා ගිය වොක්ස්වැගන්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkY76CbkKx_ku_GqSQSnu99Im2nUwGlR0Up0C2H7XQlRdSjzjuma1fmIEhllcFWbV9DpA10o25yxu3ioQrPhJSLaSeKx77X02yYtvQ4rnwQjzeSMH27B7C1SMQMxRyWSzex-0Vyd5b1xa-/s1600/Volkswagen-Rwenda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkY76CbkKx_ku_GqSQSnu99Im2nUwGlR0Up0C2H7XQlRdSjzjuma1fmIEhllcFWbV9DpA10o25yxu3ioQrPhJSLaSeKx77X02yYtvQ4rnwQjzeSMH27B7C1SMQMxRyWSzex-0Vyd5b1xa-/s72-c/Volkswagen-Rwenda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_769.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_769.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy