උතුරු පළාතේ සිදුවන ළමා අපචාර හා වෙනත් ලිංගික අතවර සංඛ්‍යාව ඉහල යන බවට වාර්තාවීමත් සමගම ළමා ආරක්ෂක අධිකාරිය වවුනියාව දිස්ත්‍රික්කයේ ළමා ආරක...
උතුරු පළාතේ සිදුවන ළමා අපචාර හා වෙනත් ලිංගික අතවර සංඛ්‍යාව ඉහල යන බවට වාර්තාවීමත් සමගම ළමා ආරක්ෂක අධිකාරිය වවුනියාව දිස්ත්‍රික්කයේ ළමා ආරක්ෂක කටයුතු පිළිබද කමිටු සාමාජිකයින් දැණුවත් කිරීමේ වැඩසටහන් වැඩි කොට තිබේ.
වවුනියාව දිස්ත්‍රික් පරිවාස හා ළමා ආරක්ෂක නිලධාරී රුවන් ප්‍රසාද් ධර්මදාස මහතා විසින් වවුනියාවේ ගමක් ගමක් පාසා පිහිටිවා ඇති ළමා ආරක්ෂක කමිටුවල නිලධාරීන් දැණුවත් කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.
කෙසේ වෙතත් මේ වසරේ මුල් මාස හය සදහා ළමා ආරක්ෂණ අධිකාරිය විසින් නිකුත් කොට ඇති වාර්තාවේ උතුරු පළාතෙන් අඩුම ළමා අපචාර සිද්ධීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වවුනියාව දිස්ත්‍රික්කයෙනි.
වැඩිම ළමා අපරාධ සංඛ්‍යාවක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ කිළිනොච්චියයි.
තුන්වෙනි ස්ථානය මුලතිව් දිස්ත්‍රික්කයටද හතරවෙනි ස්ථානය මන්නාරමටද හිමිව අති අතර වවුනියාව පස්වෙනි ස්ථානයේ පසුවෙයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS