දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රජයේ ඉලක්කය සෑම පුරවැසියෙක්ටම ඉඩමක්, නිවසක්, ආදායමක්" - කබීර්
Homeප්‍රවෘත්ති

"රජයේ ඉලක්කය සෑම පුරවැසියෙක්ටම ඉඩමක්, නිවසක්, ආදායමක්" - කබීර්

PropellerAds

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරු...

ශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකයි... ඉදිරියේදී තවත් කඩා වැටෙනවා - බ්ලුම්බර්ග්
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට ජාත්‍යන්තර තනතුරක්!
කැබිනට් තීන්දුවකට අනුව හොරෙන්ම කපලා හොරෙන්ම වළ දාපු පඬු කරඳ ගහ 28 වැනිදා යළි ගොඩගන්න උසාවිය නියෝග දෙයි!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මෙහෙයවිමෙන් ඉඩම් ඔප්පු දශ ලක්ෂයක් ලබා දිමේ ජාතික වැඩ සටහන යටතේ, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජූලි 13 වැනි දා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාව අවසානයේදී මාධ්‍යට අදහස් දැක් වූ මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා රජයේ ඉලක්කය සෑම පුරවැසියෙක්ටම ඉඩමක්, නිවසක්, ආදායමක් ලැබෙන පරිසරයක් සැකසීම බව පැවසීය.

තවදුරටත් මාධ්‍යයට අදහස් ඉදිරිපත් කළ කබීර් හෂීම් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් ගැටළුව විශාල කාලයක සිට පැවතියද පසුගිය කාලයේ සිදු වූයේ පුරුවැසියන්ගේ ඉඩම් හිමිකම් ගැටළුව විසදීම වෙනුවට පුරවැසියන්ගේ ඉඩම් දේශපාලක බලවතුන්  විසින් අත්පත් කර ගැනීම බවය.

ලංකාවේ ඉඩම්වල පෞද්ගලික හිමිකම් පැවරීම පෘතුගීසි සමයේ මුහුදුබඩ ප්‍රදේශවලින් ආරම්භ වී ඇති බව පෙන්වා දුන් කබීර් හෂීම් අමාත්‍යවරයා, නමුත් අදටත් තමන්ට කියා ඉඩම් කැබැල්ලක් නැති විශාල පිිිරිසක් මේ රටේ ජීවත්විම කණගාටුදායක තත්ත්වයක් බව මෙහිදී අනාවරණය කළේය.

විපක්ෂ මංත්‍රීවරයෙකු ලෙස සිටින අවධියේ ජනතාවගේ ඉඩම් ගැටළුව ගැන තමාට හොඳ අවබෝධයක් ලැබුණ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ නිසා මෙම තත්ත්වය නිසා ජනතාව පසුවන්නේ තම ඉඩම්වල වගාවන්ට රජයෙන් ලබා දෙන සහනාධාරයක් හෝ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක බව පැවසීය.

ගලිගමුව වැනි ප්‍රදේශවලදී තමාට ලැබුණු අත්දැකීමක් පැහැදිළි කළ අමාත්‍යවරයා එහිදි ජනතාව තමන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් ගෙවීමට සිදු වී ඇති තක්සේරු මුදල අඩු කර දෙන ලෙස ඉල්ලා සිටි බව පැවසූ කබීර් හෂීම් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්ද විශාල සහනයක් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගේ වැඩ පිළිවෙල හරහා ලැබෙන බව අවධාරනය කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රජයේ ඉලක්කය සෑම පුරවැසියෙක්ටම ඉඩමක්, නිවසක්, ආදායමක්" - කබීර්
"රජයේ ඉලක්කය සෑම පුරවැසියෙක්ටම ඉඩමක්, නිවසක්, ආදායමක්" - කබීර්
http://am.lk/media/k2/items/cache/7b40cfa1743b8d62ee1c7b84a841798c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_751.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_751.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy