නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මෙරට නිදහස් මාධ්‍ය සංවිධාන ගණනාවක් දිගින් දිගටම ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීමක් වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්...
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මෙරට නිදහස් මාධ්‍ය සංවිධාන ගණනාවක් දිගින් දිගටම ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීමක් වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පණත අහෝසි කිරීමේ ඉල්ලීම නොතකා හරිමින් තවදුරටත් එය සක්‍රීය කිරීමේ පියවරක් ලෙස නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙලා දකින බවට නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම මාධ්‍ය නිවේදනය පහතින්,
11/07/2018
මාධ්‍ය නිවේදනය
පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීමට පෙළ ගැසෙමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මෙරට නිදහස් මාධ්‍ය සංවිධාන ගණනාවක් දිගින් දිගටම ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීමක් වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පණත අහෝසි කිරීමේ ඉල්ලීම නොතකා හරිමින් තවදුරටත් එය සක්‍රීය කිරීමේ පියවරක් ලෙස නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙලා දකී.
මෙම තීරණය අප දකින්නේ ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණෙය් දී වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මැතිවරණ පොරොන්දු බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක් වශයෙනි. එම ජනාධිපතිවරණෙය් දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු පොදු සංවිධාන එකතුව ජනාධිපතිවරයා සමඟ ඇති කරගත් එකඟතාවෙහි ප්‍රධාන කොන්දේසියක් වුයේ ද පුවත්පත් මණ්ඩල පනත අහෝසි කිරීමය. එ් හැරුන විට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශ අතර ප්‍රධාන නිර්දේශයක් වුයේද ශ්‍රිලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීමයි. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම පාර්ශවයෙන් එම එකඟත්වයන් කඩකළ අවස්ථාවක් ලෙසද මෙම පියවර හැඳින්වීමට සිදුවේ.
මෙම පනතෙහි අනුචිතභාවය හා පසුගාමීත්වය පිළිබඳ අප දිගින් දිගටම කරුණු දක්වා අැති පරිදි තවදුරටත් මේ පිළිබඳව සමාජය දැනුවත් කරමින් හා මාධ්‍ය සමාජයෙහි මීට එරෙහි හඩ තවදුරටත් ශක්තිමත් කරමින් මෙම පණත අහෝසි කිරීම දක්වා වන අරගලය ඉදිරියට ගෙන යාම සඳහා වන අපගේ අධිෂ්ඨානය මෙමඟින් යලි සපථ කරමු.
ඒ නිසාම සමාජ වගකීමක් සහිත මාධ්‍ය නිදහසක් සඳහා වන පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාවය මෙම සිදුවිමෙන් තවදුරටත් තහවුරු වන බැවින් ඒ සඳහා එ්කරාශී වන ලෙස මෙරට මාධ්‍ය ප්‍රජාව ගෙන් හා ප්‍රජාතන්ත්‍රවාදය ලැදි සියලු බලවේග වලින් ඉල්ලා සිටිමු.
සී. දොඩාවත්ත දිලීෂා අබේසුන්දර
කැඳවුම්කරු ලේකම්
COMMENTS