දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බිස්නස් එක දියුණු කරන්න , අලුතින් ම පටන් ගන්න : පොලි නැතුව ණයක් ගන්න.
Homeගොසිප්

බිස්නස් එක දියුණු කරන්න , අලුතින් ම පටන් ගන්න : පොලි නැතුව ණයක් ගන්න.

PropellerAds

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ තිබෙන ව්‍යාපාරයක් දියුණු කිරීමට ණය මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තුවන ඕනෑම ව්‍යවසායකයෙකුගේ හිතේ මුලින් ම මතුවන...

මුහුදු ජලය ගාලු පාරට ඒම නිසා ඊයේ දකුණේ සුනාමි බියක්
ඇමති සීල් එක මැදදි වදින මහජන සහනාධාර (අඟහ කාටූන්)
අරාබි රටවල් කටාර් කොන් කිරීම නිසා ලාංකිකයින්ට කුමක් සිදුවේද?


ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ තිබෙන ව්‍යාපාරයක් දියුණු කිරීමට ණය මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තුවන ඕනෑම ව්‍යවසායකයෙකුගේ හිතේ මුලින් ම මතුවන ගැටළුව නම් ණය වාරිකයත් සමඟ අධික ණය පොලියක් ද ගෙවීමේ අපහසුතාවයයි.

මෙම ගැටළුවට විසඳුමක් ලැබේ නම් රටක් ව්‍යවසායකත්වයේ පාරාදීසයක් කිරීම අපහසු කාර්යයක් වන්නේ නැත.

අප අද දකින්නේ එම සිහිනයේ පළමු පියවරයි.

වත්මන් රජය විසින් හඳුන්වා දුන් "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ජාතික වැඩපිළිවෙළට සමගාමීව අලුත් ව්‍යවසායක පරපුරක් බිහි කිරීමට මුල්‍ය යෝජනා ක්‍රම ගණනාවක් හඳුන්වාදුන් දී තිබේ.

ඒ යටතේ රටපුරා විසිරුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පරපුරක් බිහි කිරීමට යෝජනා කර ඇති අතර ඒ වෙනුවෙන් 2018 වසර තුළ පොලී  සහනාධාර ගෙවීමට රජය විසින් රු. මිලියන 5,250 ක් වෙන්කර තිබේ.

මේ යටතේ රට තුළ රු. මිලියන 60,000 කට ආසන්න ප්‍රාග්ධන සම්පාදනයක් සිදු කිරීමටත් මේ යටතේ බලගන්වන ව්‍යවසායකයින් තුළින් රැකියා අවස්ථා 50,000 ක් පමණ බිහිකිරීමත් රජයේ අපේක්ෂා කරයි.

මේ යටතේ ක්‍රියාත්මක වන මාධ්‍ය අරුණ , දිරි සවිය සහ ඇරඹුම ණය යෝජනා ක්‍රම යටතේ ලබා දෙන සියළුම ණය සඳහා පොලිය ගෙවීම රජය විසින් සිදු කරයි. 

ඇරඹුම 

උපාධිධාරීන් කේන්ද්‍ර කරගත් ණය යෝජනා ක්‍රමයක්  වන මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිමය ලක්ෂ 15ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතී.

උපාධිධාරීන්ට ව්‍යාපාර ඇරඹීම වෙනුවෙන් ලබා දෙන මෙම ණය මුදලේ 12% වන ණය පොලිය සම්පුර්ණයෙන් ම රජය විසින් ගෙවනු ලැබේ.

මාධ්‍ය අරුණ 1

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිමය ලක්ෂ 03ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතී. 

ජනමාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් ලබා දෙන මෙම ණය මුදලේ 13.5% වන ණය පොලිය සම්පුර්ණයෙන් ම රජය විසින් ගෙවනු ලැබේ.

දිරි සවිය

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිමය රුපියල් 50,000ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතී. 

සත්ව පාලනය හා ස්වයං රැකියා සඳහා ශීතකරණ මිලදී ගැනීම වෙනුවෙන් ලබා දෙන මෙම ණය මුදලේ 13.5% වන ණය පොලිය සම්පුර්ණයෙන් ම රජය විසින් ගෙවනු ලැබේ.

රිය ශක්ති 

පාසල් වෑන් සේවා පවත්වාගෙන යන පුද්ගලයන් වෙනුවෙන් ලබා දෙන මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ආසන 32ක නව පාසල් බස් රථයක් මිල දී ගැනීම සඳහා උපරිමය ලක්ෂ 40ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතී.

මෙම ණය මුදලේ 13.5%ක් වන ණය පොලියෙන් 75%ක් රජය විසින් ගෙවනු ලැබේ.

ණය මුදල ලබා ගන්න තැනැත්තා වෙත දැරීමට සිදුවන්නේ ණය පොලියෙන් 25%ක් වන 3.38%ක ණය පොලියක් පමණි.

ගොවි නවෝදා

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිමය රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතී. 

වගා කටයුතු යාන්ත්‍රිකරණය වෙනුවෙන් ලබා දෙන මෙම ණය මුදල සුළු පරිමාණ ගොවින් සහ ගොවි සංවිධාන වෙත ලබා ගැනීමේ හැකියාවක් පවතී.

මේ යටතේ ද ණය මුදලේ 13.5%ක් වන ණය පොලියෙන් 75%ක් රජය විසින් ගෙවනු ලැබේ.

ණය මුදල ලබා ගන්න තැනැත්තා වෙත දැරීමට සිදුවන්නේ ණය පොලියෙන් 25%ක් වන 3.38%ක ණය පොලියක් පමණි.

රන් අස්වැන්න 01

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිමය රුපියල් ලක්ෂ 50ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතී. 

සුළු පරිමාණ ගොවින් සහ ගොවි සංවිධාන, විසිතුරු මල් වගාකරුවන්, විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙන ව්‍යාපාරිකයන් සඳහා ලබා ගත හැකි මෙම ණය මුදලේ 50%ක පොලි මුදලක් රජය විසින් දරනු ලැබේ.

මෙම ණය මුදලේ 13.5%ක් වන ණය පොලියෙන් ණය මුදල ලබා ගන්නා තැනැත්තා හෝ ආයතනය වෙත දැරීමට සිදුවන්නේ ණය පොලියෙන් 50%ක් වන 6.75%ක ණය පොලියක් පමණි.

රන් අස්වැන්න 02

කෘෂි හා මත්ස්‍ය සැකසුම් ආයතන සඳහා රුපියල් මිලියන 300ක උපරිමයක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාවක් මෙම ණය යෝජනා ක්‍රමය මඟින් උදාවේ. 

මෙම ණය මුදලේ 50%ක පොලි මුදලක් රජය විසින් දරනු ලැබේ.

මෙම ණය මුදලේ 13.5%ක් වන ණය පොලියෙන් ණය මුදල ලබා ගන්නා ආයතනය වෙත දැරීමට සිදුවන්නේ ණය පොලියෙන් 50%ක් වන 6.75%ක ණය පොලියක් පමණි.


රන් අස්වැන්න 03

වාණිජ පරිමාණ ගොවිපල සඳහා රුපියල් මිලියන 750ක ණය මුදලක් ලබා ගැනීමේ හැකියාවක් මෙම ණය යෝජනා ක්‍රමය මඟින් උදාවේ. 

මෙම ණය මුදලේ 50%ක පොලි මුදලක් රජය විසින් දරනු ලැබේ.

මෙම ණය මුදලේ 13.5%ක් වන ණය පොලියෙන් ණය මුදල ලබා ගන්නා ආයතනය වෙත දැරීමට සිදුවන්නේ ණය පොලියෙන් 50%ක් වන 6.75%ක ණය පොලියක් පමණි.

රිවි බල සවි 

නිවාස සඳහා සුර්යබලශක්ති ඒකක ලබා ගැනීම වෙනුවෙන් රුපියල් 350,000ක ණය මුදලක් ලබා ගැනීමේ හැකියාවක් මෙම ණය යෝජනා ක්‍රමය මඟින් උදාවේ. 

මෙම ණය මුදලේ 50%ක පොලි මුදලක් රජය විසින් දරනු ලැබේ.

මෙම ණය මුදලේ 13.5%ක් වන ණය පොලියෙන් ණය මුදල ලබා ගන්නා පුද්ගලයා වෙත දැරීමට සිදුවන්නේ ණය පොලියෙන් 50%ක් වන 6.75%ක ණය පොලියක් පමණි.

සොඳුරු පියස

අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස අලුත්වැඩියා කරගැනීමට රුපියල් ලක්ෂ දෙකක උපරිමයකට යටත්ව ලබාදෙන මෙම ණය මුදලේ 50%ක පොලි මුදලක් රජය විසින් දරනු ලැබේ.

මෙම ණය මුදලේ 13.5%ක් වන ණය පොලියෙන් ණය මුදල ලබා ගන්නා පුද්ගලයා වෙත දැරීමට සිදුවන්නේ ණය පොලියෙන් 50%ක් වන 6.75%ක ණය පොලියක් පමණි.

ඊට අමතරව නිවාස යෝජනා ක්‍රමයකින් පළමුවරට නිවසක් මිල දී ගැනීමට අපේක්ෂිත මධ්‍යම ආදායම්ලාභී තරුණ තරුණියන් වෙත රුපියල් ලක්ෂ 50ක උපරිමයකට යටත්ව ණය මුදලක් ලබාදීමට පියවර ගෙන ඇත. මේ ණය මුදල සඳහා ණයලාභියා ගෙවිය යුත්තේ 7%ක පොලියකි. රජය ඔහු හෝ ඇය වෙනුවෙන් 5%ක පොලී සහනාධාරයක් ලබාදෙයි.

හරිත ණය 01

ස්වභාවිකව වියෝජනය වන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදකයන්, සුළු පරිමාණ සංචාරක සේවා, කාබනික පොහොර නිෂ්පාදකයන් සහ GPS තාක්ෂණය සහිත මීටර් සවිකරගැනීම සඳහා ත්‍රිවිල් හිමියන්ට උපරිම රුපියල් ලක්ෂ 10 ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාවක් මෙම ණය යෝජනා ක්‍රමය මඟින් උදාවේ. 

මෙම ණය මුදලේ 50%ක පොලි මුදලක් රජය විසින් දරනු ලැබේ.

මෙම ණය මුදලේ 13.5%ක් වන ණය පොලියෙන් ණය මුදල ලබා ගන්නා  ආයතනය හෝ පුද්ගලයාට දැරීමට සිදුවන්නේ ණය පොලියෙන් 50%ක් වන 6.75%ක ණය පොලියක් පමණි.

හරිත ණය 02

හෝම්ස්ටේ - කුඩා සංචාරක නිවාස ඉදිකිරිම සඳහා උපරිම රුපියල් ලක්ෂ 50 ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාවක් මෙම ණය යෝජනා ක්‍රමය මඟින් උදාවේ. 

මෙම ණය මුදලේ 50%ක පොලි මුදලක් රජය විසින් දරනු ලැබේ.

මෙම ණය මුදලේ 13.5%ක් වන ණය පොලියෙන් ණය මුදල ලබා ගන්නා පුද්ගලයා වෙත දැරීමට සිදුවන්නේ ණය පොලියෙන් 50%ක් වන 6.75%ක ණය පොලියක් පමණි.

ජය ඉසුර 01

සුළු පරිමාණ ව්‍යාපාර සඳහා උපරිම රුපියල් මිලියන 100 ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාවක් මෙම ණය යෝජනා ක්‍රමය මඟින් උදාවේ. 

මෙම ණය මුදලේ 50%ක පොලි මුදලක් රජය විසින් දරනු ලැබේ.

මෙම ණය මුදලේ 13.5%ක් වන ණය පොලියෙන් ණය මුදල ලබා ගන්නා පුද්ගලයා හෝ ආයතන වෙත දැරීමට සිදුවන්නේ ණය පොලියෙන් 50%ක් වන 6.75%ක ණය පොලියක් පමණි.

මෙම ණය මුදල යටතේ කෘෂිකාර්මික, ධීවර, විසිතුරු මත්ස්‍ය වගාව, පශු සම්පත්, විසිතුරු මල් වගාව, ගෙවතු වගාව, ලුහු ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක, අත්කම්, ඇඟළුම්, තොරතුරු තාක්ෂණ , නිෂ්පාදන කර්මාන්ත සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේස්ත්‍රයන් හි නියැලෙන සුළු පරිමාණ ව්‍යවසායකයින් සඳහා මෙම ණය මුදල පිරිනැමේ.

වාර්ෂික පිරිවැය රුපියල් මිලියන 10 - 250 අතර වීම හෝ සේවක සංඛ්‍යාව 5 - 50ත් අතර වීම ද වැදගත්ය.

මාධ්‍ය අරුණ 2

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිමය රුපියල් 150,000ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතී. 

ජනමාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය උපකරණ නවීකරණය වෙනුවෙන් ලබා දෙන මෙම ණය මුදලේ 50%ක පොලි මුදලක් රජය විසින් දරනු ලැබේ.

මෙම ණය මුදලේ 13.5%ක් වන ණය පොලියෙන් ණය මුදල ලබා ගන්නා පුද්ගලයා වෙත දැරීමට සිදුවන්නේ ණය පොලියෙන් 50%ක් වන 6.75%ක ණය පොලියක් පමණි.

ජය ඉසුර 02

සුළු පරිමාණ ව්‍යාපාර සඳහා උපරිම රුපියල් මිලියන 400 ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාවක් මෙම ණය යෝජනා ක්‍රමය මඟින් උදාවේ. 

මෙම ණය මුදලේ 25%ක පොලි මුදලක් රජය විසින් දරනු ලැබේ.

මෙම ණය මුදලේ 13.5%ක් වන ණය පොලියෙන් ණය මුදල ලබා ගන්නා පුද්ගලයා හෝ ආයතනය වෙත දැරීමට සිදුවන්නේ ණය පොලියෙන් 75%ක් වන 10.12%ක ණය පොලියක් පමණි.

මෙම ණය මුදල යටතේ කෘෂිකාර්මික, ධීවර, විසිතුරු මත්ස්‍ය වගාව, පශු සම්පත්, විසිතුරු මල් වගාව, ගෙවතු වගාව, ලුහු ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක, අත්කම්, ඇඟළුම්, තොරතුරු තාක්ෂණ , නිෂ්පාදන කර්මාන්ත සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේස්ත්‍රයන් හි නියැලෙන සුළු පරිමාණ ව්‍යවසායකයින් සඳහා මෙම ණය මුදල පිරිනැමේ.

ණය ලබා ගැනීමට

ණය මුදල ලබා ගැනීම සඳහා ඔබ කල යුත්තේ ලංගම පිහිටි ලංකා බැංකුව, මහජන බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) වෙත පිවිස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සබඳතා නිලධාරියා හමුවීමයි.

[විමුක්ති දුෂාන්ත]



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29366,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බිස්නස් එක දියුණු කරන්න , අලුතින් ම පටන් ගන්න : පොලි නැතුව ණයක් ගන්න.
බිස්නස් එක දියුණු කරන්න , අලුතින් ම පටන් ගන්න : පොලි නැතුව ණයක් ගන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX4a3Dkppb-ybuzeHlumzGmegn0fRFoLwulDV0XWGsI0ahTK6evCUjv3-GkH4OHPNLRdJzwooX1arhJS1weabbZP3uFiXictve3tv0-Sz-4F3CeV54Rxa1EhENn5HLUiqVSB58oqzGz2o/s1600/Loan-Credit-Scheme.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX4a3Dkppb-ybuzeHlumzGmegn0fRFoLwulDV0XWGsI0ahTK6evCUjv3-GkH4OHPNLRdJzwooX1arhJS1weabbZP3uFiXictve3tv0-Sz-4F3CeV54Rxa1EhENn5HLUiqVSB58oqzGz2o/s72-c/Loan-Credit-Scheme.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_700.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_700.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy