දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරාබි රටවල් කටාර් කොන් කිරීම නිසා ලාංකිකයින්ට කුමක් සිදුවේද?
Homeගොසිප්

අරාබි රටවල් කටාර් කොන් කිරීම නිසා ලාංකිකයින්ට කුමක් සිදුවේද?

PropellerAds

අරාබි රටවල් කටාර් කොන් කිරීම නිසා ලාංකිකයින්ට කුමක් සිදුවේද? කටාර් රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සහාය දක්වන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, බහරේන...

විරෝධය නොතකා කොස්ගොඩ මුහුදේ දිය නෑ අඹ යහළුවන් දෙදෙනා එකටම අවසන් ගමන් ගිහින්
මින් පසු අවයව දන්දෙන අයගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්
ගෙදර ප්‍රශ්න පිටියට ගේන්න එපා-එකොළොස් දෙනාම බොක්කෙන් සෙල්ලම් කරන්න ඕනේ-ක‍්‍රීඩා ඇමැති

අරාබි රටවල් කටාර් කොන් කිරීම නිසා
ලාංකිකයින්ට කුමක් සිදුවේද?

කටාර් රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සහාය දක්වන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, බහරේන්, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේමනය හා මාලදිවයින කටාර් රාජ්‍ය සමඟ පවත්වාගෙන යනු ලබන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට ඊයේ තීරණය කර තිබුණි. මෙම තත්වය මත දැනට කටාරයේ වාසය කරන 125000 කට ආසන්න ශ්‍රී ලාංකිකයන්ට ආහාර,සන්නිවේදන හා ගුවන්ගමන් සම්බන්ධ ගැටලු මතුවීමට ඉඩ ඇති බව
වාර්තාවේ.කටුනායක ගුවන් තොටුපලේ බැංකු ශාඛා කටාර් රියාල් රුපියල්වලට මාරු කිරීම ප්‍රතික්ෂේප කිරීමටද ඊයේ සිට පියවර ගෙන ඇත.

අරාබි රටවල් වල මෙම වෙනසට හේතුව සවුදි හා ඊජිප්තු නායකයින් සමග ඇමරිකානු ජනපති ට්‍රම්ප් පැවැත්වූ සාකච්ඡා බවත් වාර්තාවේ. ට්‍රම්ප්ගේ කොන්දේසි අනුව ත්‍රස්තවාදී සබඳතා ඇති අරාබි රටවල් කොන්කිරීම මගින් අනෙක් රටවල් වලට අනාගතයේ ගැටලු අවමවීම පෙන්වාදී ඇත.
ඊයේ නිවේදනය අනුව එමිරේට්, එට්හාස්, ෆ්ලයි ඩුබායි, එයා ඇරබියා

යන ගුවන් සේවාවන් කටාර් දක්වා වූ සියලු ගුවන් ගමන් අද(6) දින සිට නවතා දමා ඇත.

මේ තත්ත්වය යටතේ ගල්ෆ් කලාපය තුළ දැඩි නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් පවතී.
කටාර් වැසියන්ට හා එරටින් සංචාරය සඳහා පැමිණියවුන්ට පිටවීමට සති දෙකක කාලයක් ලබාදී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මෙම තීරණය මගින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට කිසිදු බලපෑමක් නොවන බව  බීබීසී සිංහල සේවය කළ විමසීමකදී‍ෙවිදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල කියා ඇත.

කටාරයේ පරිභෝජනය කෙරෙන ආහාරවලින් 40% ක් පමණම සවුදි අරාබියේ සිට ලොරිවලින් ප්‍රවාහනය කෙරෙන නිසා සබඳතා අත්හිටුවීම කටාරයේ ආහාර ස්ථාවරභාවයට ක්ෂණික බලපෑමක් ඇතිකරනු ඇතැයි පැවසේ. ආහාර සහ ජලය ගබඩා කරගැනීම පිණිස ජනතාව වෙළෙඳසල් වෙත ඇදීයමින් සිටි බව The Doha News පුවත්පත වාර්තා කර තිබුණි.

කටාරය සමග මෙම ගැටලු අනෙක් අරාබි රටවලට කලෙක සිට පැවතියද ඒවා කෙරෙහි නම්‍යශීලී ප්‍රතිපත්තියක එම රාජ්‍යය සිට නැත.  අසල්වැසි රටවල් කටාරය වෙනස් කිරීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක නොවූ බවද වාර්තා විය.
තමන්ට එරෙහි චෝදනා තරයේ බැහැර කරන බව කටාරයේ විදේශ අමාත්‍යාංශය දන්වා ඇත. තම ජනතාවට මෙමගින් බලපෑමක් ඇතිනොවීමට හැකි සියලු පියවර ගන්නා බවත් කටාර් රාජ්‍යය දන්වා ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරාබි රටවල් කටාර් කොන් කිරීම නිසා ලාංකිකයින්ට කුමක් සිදුවේද?
අරාබි රටවල් කටාර් කොන් කිරීම නිසා ලාංකිකයින්ට කුමක් සිදුවේද?
http://ift.tt/2sxTG6i
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_386.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_386.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy