විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය නිසි පියවර නොගත් බව පවසමින් ඊට විරෝධය පලකිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය අද හික්කඩුව ස...
විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය නිසි පියවර නොගත් බව පවසමින් ඊට විරෝධය පලකිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය අද හික්කඩුව සීනීගම දේවාලයේදී දේව කන්නලව්වක නිරත විය.
ඒ සඳහා එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියේය.
අද පෙරවරුවේ හික්කඩුව සීනීගම දේවාලය අසලට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ පළාත් පාලන නියෝජිතයින් පිරිස පැය භාගයකට ආසන්න කාලයක් එම ස්ථානයේ නිහඬ විරෝධතාවයක නිරත විය.
අනතුරුව පිරිස විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය නිසි පියවර නොගත් බව පවසමින් සහ වර්තමාන රජය ගෙනයන පාලනයට විරෝධය පලකරමින් දේව කන්නලවක් සිදු කර ඇත්තේ.
COMMENTS