වත්මන් රජය නීති පොතට ඇතුළත් කරනු ලබන නීතිවිරෝධී පනත්වලින් ප්‍රයෝජනයක් ගැනීමට පොදුජන පෙරමුණ පිහිටුවන ආණ්ඩුවක් කටයුතු නොකරන බව හිටපු අමාත්‍ය...
වත්මන් රජය නීති පොතට ඇතුළත් කරනු ලබන නීතිවිරෝධී පනත්වලින් ප්‍රයෝජනයක් ගැනීමට පොදුජන පෙරමුණ පිහිටුවන ආණ්ඩුවක් කටයුතු නොකරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ නාත්තණ්ඩිය නගර ශාලාවේ ඊයේ පැවැති රැස්වීමකට එක්වෙමිණි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ මේ කාලේ තියෙන ඒවා ඔක්කොම විකුණ ගන්න හදනවා. ලෝකේ හැම ගිවිසුමක්ම ගහන්න හදනවා. දෙන පාවාදීම් ඔක්කොම කරන්න හදනවා. අපිට අපේ ආණ්ඩුවක් එනකන් බලන් ඉන්න බැහැ. අපි මේවා නතර කර ගන්න ඕනේ. මම හිතුවා අර ගම්පෙරලිය පටන් ගන්නකොට මොකක් හරි වැඩක් කරන්න හදනවා කියලා. බලනකොට ඇවිල්ලා අර කතා කරන්නේ ඔහෙලාගේ තියෙන වැව් ටික විකුණගන්න. ගුවන්තොටුපල ඒවා මේවා විතරක් නෙවෙයි ඔබේ ගමේ තියෙන සති පොලත් විකුණයි. ඉතින් අද අලුත් උසාවි දාලා තියෙන්නේ. අපි පැහැදිලිවම කියනවා නීති පොතට දාන නීති විරෝධී පනත් වලින් අපි ප්‍රයෝජන ගන්නේ නැහැ. අර දිට්ඨධම්ම වේදනීය කර්මය වගේ අපි පාවිච්චි කරන්න යන්නේ නැහැ. අපි කියනවා නම් ඒ කට්ටිය කියන ඒවා වැරදියි කියලා අපේ කාලෙත් ඒ වැරදි තියෙනවා නම් ඒ නීති පොතෙන් අයින් වෙන්න ඕනේ. ඒ නිසා කට්ටිය වැරදි වැඩ කරනවා. හැබැයි අපේ ආණ්ඩුවක් ආවම අපි ඒ වැරැද්දම කරන්න සුදානමක් නැහැ. අපේ ආණ්ඩුවක් ආවොත් නෙවෙයි එනවා. ඒ එනකොට අනිවාර්යයෙන්ම ජනතාවට හිතකර ලෙස මේ රටේ ආර්ථිකය නැවත ගොඩ නගනවයි කියන එකට සහතිකය අපි දෙනවා.”
COMMENTS