ගුවනින් රෝගීන් රැගෙනයාමට හැකි වන පරිදි මෙරට ගිලන් රථ සේවාව වැඩිදියුණු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසය...
ගුවනින් රෝගීන් රැගෙනයාමට හැකි වන පරිදි මෙරට ගිලන් රථ සේවාව වැඩිදියුණු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ රට පුරා රෝහල් වල ගිලන් රථ අවශ්‍යතාව ඉදිරියේදී සියයට සියයක් සපුරාලීමට බලාපොරොත්තු වන බවය.
මෙරටට ගෙන්වූ නව ගිලන් රථ සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීමේ අවස්ථාවකට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියාය.
මේ අතර බස්නාහිර පළාතේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන්ගේ දැඩි හිඟයක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් 500කගේ පමණ හිඟයක් පවතින අතර මේ හේතුවෙන් මාතෘ හා ළමා සෞඛ්‍යයට සෘජු බලපෑමක් එල්ල විය හැකි බව එම සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේය.
COMMENTS