දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මිනිස්සුන්ට කන්න නැති අස්සෙ ශ්‍රී ලන්කන් එකට ගුවන් යානා 21ක ගන්න ගිය එක කෝප් එකෙන් නවත්වයි!
Homeප්‍රවෘත්ති

මිනිස්සුන්ට කන්න නැති අස්සෙ ශ්‍රී ලන්කන් එකට ගුවන් යානා 21ක ගන්න ගිය එක කෝප් එකෙන් නවත්වයි!

PropellerAds

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් 2022-2025 අතර කාලය සඳහා  ගුවන්යානා 21 ක් කුලියට ගැනීම සම්බන්ධයෙන් ආරම්භ කරනු ලැබ ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලි...

තෙල් මිල අඩු වේ
ශ්‍රීලංකා ක්‍රිකට් තරඟ පාවාදුන් ලැයිස්තුව මෙන්න..!
ළමයි ඉදිරියේ තප්පුලෑ මන්ත්‍රී හරක් දෙන්නා (VIDEO)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් 2022-2025 අතර කාලය සඳහා  ගුවන්යානා 21 ක් කුලියට ගැනීම සම්බන්ධයෙන් ආරම්භ කරනු ලැබ ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය  තෙමසකට කල් දමන්නැයි පොදු ව්‍යාපාර පිළිබද  පාර්ලිමේන්තු  කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා  එම සමාගමේ  ප්‍රධානීන්ට අද (25) උපදෙස් දුන්නේය.

ආර්ථික අර්බුදය  හමුවේ සම්පූර්ණ ක්‍රියාවලිය  සමාලෝචනය කරන ලෙසත්  ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුගත වන්නේද යන්න ගැන සොයාබලන ලෙසත් කෝප් කමිටුව සංචාරක අමාත්‍යාංශයේ සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට  නිර්දේශ කළේය.

තවද ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් නිසි පරිදි සකස් කරන ලෙසත්  ප්‍රසම්පාදනය කැබිනට් අමාත්‍යවරයා හරහා කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත්කර කැබිනට් තීරණයක් ලෙස  සිදු කරන ලෙසත් කෝප් සභාපතිවරයා  උපදෙස් දුන්නේය.

ගුවන්යානාවල සේවා කාලය අවසන්වන විට ඒ සදහා ගුවන් යානා මිලට ගනිමින්  ගුවන් සේවය පවත්වාගෙන   යෑම අතවශ්‍ය  කාරණයක් බව පිළිගන්නා නමුත් රටේ වත්මන් ආර්ථික අර්බුදකාරි තත්වය හමුවේ ඒ පිළිබදව වඩා අවධානයක් යොමු කරමින්  අවශ්‍යතා සපුරා ගැනීම වැදගත් බව කමිටුව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  ගුවන්යානා කුලියට ගැනීම සම්බන්ධයෙන්  පසුගියදා පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවූ අතර  එහිදී කෙරුණු යෝජනාවක් අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට ඊයේ මෙසේ කැඳවනු ලැබ සිටියහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව දැනට පවතින ගුවන් යානා 24 න්  කිහිපයක් ඉදිරි  කාලය තුළ අඩුවන බවත් ගුවන් යානා ලබාගැනීම ක්‍ෂණිකව කළ නොහැකි නිසා මෙම ක්‍රියාවලියට යම් කාලයක් ගතවන බැවින් නිසි පරිදි එම කටයුතු අරඹා දැන්වීම් පළ කළ බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා එහිදී පෙන්වා දුන්නේය.

මෙම ක්‍රියාවලිය සදහා මාස 6 – 12 අතර කාලයක් ගතවන බවත් වඩාත් විනිවිදභාවයකින් යුතුව අමාත්‍යාංශය හරහා මෙම කටයුතු සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.

රටේ කළමනාකාරීත්වය පිළිබදව ඉහල පරිචයක් ඇති වෘත්තිකයන් පිරිසක් සමග  එක්ව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉහළ තත්වකට ගෙන ඒමට දරන උත්සහය අගය කරන බව කෝප් කමිටු සාමාජිකයෝ මෙහිදී පැවසූහ.

පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ විශාල සේවක කප්පාදුවක්ද සිදු කර සේවක වැටුප් අඩු කිරීමටද සිදු වූ බව පෙන්වා දුන් ගුවන් සමාගමේ සභාපතිවරයා සිය සේවක මඩුල්ල ආයතනයේ අභිවෘද්ධිය සදහා දක්වන දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරන බවද පැවසීය.

මේ අවස්ථාවට අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍යවරුන් වන  ඩී වී චානක, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  මහින්ද අමරවීර,  පාඨලී චම්පික රණවක, ගරු හර්ෂ ද සිල්වා,  ඉරාන් වික්‍රමරත්න,  එස්. එම් මරික්කාර්, ගරු මධුර විතානගේ, ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මිනිස්සුන්ට කන්න නැති අස්සෙ ශ්‍රී ලන්කන් එකට ගුවන් යානා 21ක ගන්න ගිය එක කෝප් එකෙන් නවත්වයි!
මිනිස්සුන්ට කන්න නැති අස්සෙ ශ්‍රී ලන්කන් එකට ගුවන් යානා 21ක ගන්න ගිය එක කෝප් එකෙන් නවත්වයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFeEz3NyFPwIbJZ3t013Ckj3GZ7Yw2CwtH6ffEd2A2JFwUfVOyCgOcfeqFO-FLKOtAc2flL1NQqhstLX1OJ78fgCxKpOKD2r0YEL-cxks_B69GmUUdcpWP5pMMOA-VMRSS-e5e3Wa29hkvRn41o2dheZ4DaowFfTv9ma7zcgciulvfhi6xZ8ZqKOurBg/w320-h177/SriLankan-Airlines.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFeEz3NyFPwIbJZ3t013Ckj3GZ7Yw2CwtH6ffEd2A2JFwUfVOyCgOcfeqFO-FLKOtAc2flL1NQqhstLX1OJ78fgCxKpOKD2r0YEL-cxks_B69GmUUdcpWP5pMMOA-VMRSS-e5e3Wa29hkvRn41o2dheZ4DaowFfTv9ma7zcgciulvfhi6xZ8ZqKOurBg/s72-w320-c-h177/SriLankan-Airlines.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/04/21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/04/21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy