සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව රත්නපුර බටුහේන ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත වෛද්‍ය පීඨය පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්...
සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව රත්නපුර බටුහේන ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත වෛද්‍ය පීඨය පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා (09) පැවැත්විනි.
2018 වසරේ අයවැය යෝජනා වලට අනුව සබරගමුව විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලය යන විශ්ව විද්‍යාලවට අනුබද්ධව වෛද්‍ය පීඨ ඉදිකිරිමට නියමිතය. එහිදී රත්නපුර මහ රොහල, පානදුර හා කුලියාපිටිය මුලික රෝහල් ශික්ෂණ රෝහල් බවට සංවර්ධනය කෙරෙයි.
සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සදහා රත්නපුර මහ රෝහල රුපියල් බිලියන 3 ක වියදමින් සංවර්ධනය කිරීමට නියමිතය. ඒ සදහා වූ සැළසුම් වාර්තාවක් පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුනි.
තව ද වයඹ සහ සබරගමුව විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ සදහා ශික්ෂණ රෝහල් බවට සංවර්ධනය කරන කුලියාපිටිය මුලික රෝහල සහ රත්නපුර මහ රෝහලට අදාල අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
COMMENTS