දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඥානසාර හිමිට එරෙහි අපහාස නඩුවේ ලිඛිත දේශන ගොනු කරන්න නියෝග
Homeප්‍රවෘත්ති

ඥානසාර හිමිට එරෙහි අපහාස නඩුවේ ලිඛිත දේශන ගොනු කරන්න නියෝග

PropellerAds

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි ඇති අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ පෙත්සමට   ලිඛිත දේශන ගොනු කරන්නැයි අභියාචනාධිකරණය එහි පෙත්සම්කාර හා වගඋත්...

දුම්රිය වැසිකිලියේ දරුවා අරගලයේ කූඩාරම් පෙමක ප‍්‍රතිඵලයක් - කහදගම
නීතීඥවරුන්ගේ උත්සවයට ආ මහබැංකු අධිපතිගෙන් නීතීඥවරුන්ටම ප්‍රහාරයක්! වෘත්තිකයෝ පාරට බහින්නේ ඔවුන්ට බදු බර දැනෙන නිසා! නීතීඥයන් දන්නවා බදු මගහරින විදිහ! ඒ නිසා නීතීඥවරු විරෝධතාවල නෑ! (VIDEO)
ඡන්දෙ තියන්න අධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාද රජයද පාර්ලිමේන්තුවද බැඳී සිටිනවා... ඊට විරුද්ධව කටයුතු කරන මැතිඇමැතිවරුන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි - කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්! (VIDEO)

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි ඇති අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ පෙත්සමට   ලිඛිත දේශන ගොනු කරන්නැයි අභියාචනාධිකරණය එහි පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශ්වයට   නියෝග කළේය. ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් වන ලිඛිත දේශන 13 වැනි දා හෝ ඊට පෙර  ගොනු කරන්නැයිද  නියෝග කෙරිණි. අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර  යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවිණි. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කථාකර කලහකාරී ලෙස හැසීරීමෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇත් දැයි විභාගයක් පවත්වා ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝමාගම මහේස්ත්‍රාත්වරයාට ලැබී ඇති බලතල අනුව මෙම පෙත්සම අභියාචනාධිකරණයට යොමුකර තිබිණි. ඒ අනුව අභියාචනාධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගයකට අනුව නීතිපතිවරයා විසින් කරුණු සලකා බලා 2016 ජනවාරි 25 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති නඩුවකදී අධිකරණයේ ගෞරවයට අභියෝග කිරීම අංක බී 74.7.10 දරණ නඩුවේ සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට කිසිදු අවසරයකින් තොරව ඉල්ලීම සහ එම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට අපහාසාත්මක කතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය යටතේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා හතරක් නීතිපතිවරයා ඉදිරිපත් කළේය. අධිකරණයේ ආධිපත්‍යයට , ගරුත්වයට අභියෝග කිරීමෙන් , අගෞරව කිරීමෙන් , අවමන් කිරීමෙන් , යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලය අනර්ථකාරී ලෙස හැසිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව 105 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කිරීම ඇතුළු චෝදනා 4 ක් එහි සඳහන් වේ. මෙම චෝදනා පත්‍රය සහ එය ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් චූදිත වගඋත්තරකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා මීට පෙර ඒ සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම පැමිණිල්ල පවත්වා ගෙන යාමේ හැකියාවක් නොමැති බවය. එම විරෝධතාවයට එරෙහිව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට අපහාසාත්මක කතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පවතින බවය. කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය චූදිත වගඋත්තරකාර ඥානසාර හිමියන් මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් එම චෝදනා පත්‍රය කියවා දීමෙන් අනතුරුව ඥානසාර හිමියන්ට බාරදෙන ලදී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඥානසාර හිමිට එරෙහි අපහාස නඩුවේ ලිඛිත දේශන ගොනු කරන්න නියෝග
ඥානසාර හිමිට එරෙහි අපහාස නඩුවේ ලිඛිත දේශන ගොනු කරන්න නියෝග
http://sinhala.dailyceylon.com/wp-content/uploads/2018/06/gnanasara-thero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_558.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_558.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy