දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"විජයකලාගේ නායකයා රනිල් ද ප්‍රභාකරන් ද යන්න තීරණය එතුමියට ළගදීම ගන්න වෙනවා" - මරික්කාර්
Homeප්‍රවෘත්ති

"විජයකලාගේ නායකයා රනිල් ද ප්‍රභාකරන් ද යන්න තීරණය එතුමියට ළගදීම ගන්න වෙනවා" - මරික්කාර්

PropellerAds

විජයකලා මහේෂ්වරන් රට බෙදන, මීනිමරු, නීති විරෝධි කොටි සංවිධානයේ පාලනය හොද යැයි පසුගිය සතියේ දිනක ප්‍රකාශ කරා මෙන් , නැවත වරක් තමන්ගේ නායකයා...

“පොදු” වැඩකට විපක්ෂය රහස් සාකච්ඡා අරඹයි! ඩලස් – සජිත් එකඟතාවයකටත් ඇවිත්!
ගෙවන්නත් බෑ! ගෙවන්නෙත් නෑ! සර්ව ආගමික නායකයෝ විදුලි බිලට එරෙහිව පාරට බසිති! පොලිසිය බෑ කියද්දීත් පෙළපාලියෙන් එති! පන්දම් දල්වා විරෝධය පළ කරති! (VIDEO)
යළි දේශපාලන ගමන ගැන ගෝඨා තීන්දුවක් අරන්! ගංගාරාමයේදී ආශිර්වාදත් ගනී!

විජයකලා මහේෂ්වරන් රට බෙදන, මීනිමරු, නීති විරෝධි කොටි සංවිධානයේ පාලනය හොද යැයි පසුගිය සතියේ දිනක ප්‍රකාශ කරා මෙන් , නැවත වරක් තමන්ගේ නායකයා ප්‍රභාකරන් බව ප්‍රසිද්ධියේ පවසා ඇති නිසා ඉදිරියේදී ඇයගේ නායකයා රනිල් ද ප්‍රභාකරන් ද යන්න තීරණය එතුමිය ළගදීම ගන්න වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කරන ලද්දේ,මුල්ලේරියාව ටී.බී.ඉලංගරත්න ක්‍රීඩාංගණයේ පැවැති කොළොන්නාව යෞවන සමාජය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වීමට එක් වෙමින්ය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“විජයකලා මහේෂ්වරන් හිටපු ඇමතිනියට  අද වෙනකොට රට බෙදන, මිනීමරු, නීතිවිරෝධී කොටි සංවිධානය නැවත බල ගැන්වීමේ දැඩි උත්සහයක නිරත වෙනවා. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී මුලින්ම හඩ නගලා මගේ මතය ප්‍රකාශ කළා. ඒ නිසා ඇමතිකමෙන් පවා අද වෙනකොට අයින් වෙන්න සිදුවෙලා තියෙනවා. දැන් නැවත වරක් එතුමිය පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කරලා තියෙනවා එයාගේ නායකයා ප්‍රභාකරන් කියලා. අපි  කියන්නේ එයා එක්සත් ජාතික පක්ෂයේ  නම් නායකයා වෙන්නේ රනිල් ද ප්‍රභාකරන් ද කියලා තීරණයක් ගන්න වෙනවා. එතුමියට අපේ සාමාජිකයෙක් වෙන්න වටින්නේ නෑ. ඒ නිසා වහාම පක්ෂයේ විනය ක්‍රියාමාර්ගයක් ලෙස  සමාජිකත්වයෙනුත් අයින් කරන්න ඕනේ. එතුමිය කියනවානම් ඡන්දය දුන්නේ උතුරේ ජනතාව, ඒ නිසා මන්ත්‍රීධූරය ගලවන්න බෑ කියලා . නමුත් ව්‍යවස්ථා විරෝධි ප්‍රකාශ කරලා තියෙනවානම් , අනිත් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ වලට වගේ දුර්වල තීරණ ගන්නේ නැතිව මේක රට බෙදන ප්‍රකාශයක් නිසා.”

“සාමාන්‍ය සමාජයේ පොල් ගොඩියක් හොරකම් කරන මනුස්සයෙක් හිරේ දානවා වගේ සලකලා නෙමෙයි. ඊට වඩා බරපතල දෙයක්.ඒ නිසා අධිකරණයට කරුණු වාර්තා කරලා සිර දඩුවම් ලබා දිය යුතුයි. එතකොට මාස 06 කට වඩා සිරගත වුනොත් මන්ත්‍රීධූරය අහෝසි වෙනවා. ඒ වගේම රංජන් රාමනායක මහතාගේ දූරකතනයෙන් කතා කරපු නිසා තමයි මේ කතාව එළියට ආවේ. නමුත් මේක තව පැත්තක් තියෙනවා ඒ තමයි. අනිත් කෙනාගේ අවසරය නැතිව මාධ්‍ය ඉස්සරහා මේ කරන දෙය මං පෞද්ගලිකව කිසිසේත්ම අනුමත කරන්නේ නෑ . සදාචාර විරෝධී.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "විජයකලාගේ නායකයා රනිල් ද ප්‍රභාකරන් ද යන්න තීරණය එතුමියට ළගදීම ගන්න වෙනවා" - මරික්කාර්
"විජයකලාගේ නායකයා රනිල් ද ප්‍රභාකරන් ද යන්න තීරණය එතුමියට ළගදීම ගන්න වෙනවා" - මරික්කාර්
http://am.lk/media/k2/items/cache/8735e111bb0a7c4fa504567f070d5525_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_477.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_477.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy