දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Homeප්‍රවෘත්ති

මරණ දඩුවම නියම වූ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කාන්තාවක්!

PropellerAds

මත්කුඩු ජාවාරමේ තවදුරටත් නිරත වන මරණිය දණ්ඩනය නියම වී ඇති අයගේ ලැයිස්තුවේ පළවෙනියාටම ඉන්නේ කාන්තාවක් බවත් එය කණගාටුවට කරුණක් බවත් අධිකරණ හා...

සාලාවේ වැසියන් මානව හිමිකම් කොමිසමට යයි (VIDEO)
සිල්ලර වෙළෙදාමට වැට් එයි - නව වැට් බදු සංශෝධන මෙන්න
ලොහාන් රත්වත්තේගේ සොහොයුරා අත්අඩංගුවට

මත්කුඩු ජාවාරමේ තවදුරටත් නිරත වන මරණිය දණ්ඩනය නියම වී ඇති අයගේ ලැයිස්තුවේ පළවෙනියාටම ඉන්නේ කාන්තාවක් බවත් එය කණගාටුවට කරුණක් බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත් වු ජනතාවට සහන සැළසීමේ වැඩ සටහන යටතේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති චෙක්පත් බෙදාදීමේ වැඩසටහනකට එක් වෙමිනි.

තවත් දරුවෙක්ගේ තරුණයෙක්ගේ ජීවිත විනාශ කරන කුඩු එහාට මෙහොට ගෙනියන්න මුදලට යට වෙලා කටයුතු කරනවා නම් මහා ලොකු බෞද්ධකමක් ගැන කථා කලාට වැඩක් නැතැයි අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

“ඒ කාලයේ පාතාලය රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වුණා.අද පාතාලය කුවුරු අකමැති වුණක් කැමති වුණත් අපි පාතාලය මර්දනය කරනවා. පාතාලය මෙහෙය වන කල්ලි කිහිපයක් කණ්ඩායම් කිහිපයක් අද ක්‍රියාත්මක වෙනවා. ඉඩම් මං කොල්ල කන පාතාලයක් හොර ඔප්පු හදා ගෙන අහිංසක ජනතාවගේ ඉඩම් කොල්ල කන එකක් ක්‍රියාත්මක වෙනවා.තවත් පාතාලයක් තියෙනවා හොටල් පාතාලය ඒක හික්කඩුව වැනි ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන්නේ.කිසි කෙනෙකුට ඒ පළාත්වල හෝටල් පටන් ගන්න බැහැ.තවත් ප්‍රදේශවල වාහන මං කොල්ල පාතාලය ක්‍රියාත්මක වෙනවා. මේවා අපි නැති කරන්න කටයුතු කළ යුතුයි. අහිංසක මිනිස්සුන්ට ජීවත්වීමේ අයිතිය ලබාදීමට පියවර ගත යුතුයි“

“තමන්ගේ දූ දරුවන් ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන් දෙමව්පියන් වන ඔබගේ වගකීමක්.මේ රටේ කුඩු වැඩියෙන්ම එහාට මෙහාට ගෙන යන්නේ කාන්තාවන්වීම පිළිබදව අපි කණගාටු වෙනවා.අපිට දැන් බන්ධනාගාරයත් අයිති නිසා එහි කටයුතු පිළිබදව අපි දන්නවා. බන්ධනාගාරයට ගියාම ජීවිතය එපා වෙනවා.දැන් මත් කුඩු ජාවාරමේ තවදුරටත් නිරත වන මරණිය දණ්ඩනය නියම වෙලා ඉන්න අයට එම දඩුවම ක්‍රියාත්මක කරන්න ඕන කියලා ජනාධිපතිතුමා කිවුවා.ඒ ලැයිස්තුව ඉල්ලලා යවපුවාම කණගාටුවෙන් කියන්න ඕන ඒකෙත් පළවෙනියාටම ඉන්නේ කාන්තාවක් .තවත් දරුවෙක්ගේ තරුණයෙක්ගේ ජීවිත විනාශ කරන කුඩු එහාට මෙහොට ගෙනියන්න මුදලට යට වෙලා කටයුතු කරනවා නම් මහා ලොකු බෞද්ධකමක් ගැන කථා කලාට වැඩක් නැහැ.මේ රට අපි භාර ගන්න කොට නීති විරෝධී සංක්‍රමණික පාරාදීසයක්.අපේ රට මත් ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා තිබුණා.මේකට නිලධාරීන් සම්බන්ධයි.ඇතැම් බන්ධානාගාර නිලධාරීන් සම්බන්ධයි.ඇතැම් පොලිස් නිලධාරීන් සම්බන්ධයි.අපි හිතන්නේවත් නැති අය මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නවා.අපි කරන්නේ හරි දේ.වැලිකඩ බන්ධනාගාරය තුළ තමයි මත් කුඩු ජාවාරම මෙහෙය වන්නේ කියලා පුවත් පතක මුල් පිටුවේ පළ වෙලා තිබුණා. අපි හැම අභියෝගයකටම මුහුණ දීලා මේ රටේ පාතාලය මත් කුඩු ජාවාරම මර්දනය කරන්න කටයුතු කරනවා. මේවා නිසා මේ ගම්වල ජනතාවගේ ජීවිත අද විනාශ වෙලා. ජනතා ජීවිත ඒවා ආරක්ෂා කර ගන්න සියලු පියවර ගන්නවා. බන්ධනාගාරයට හරියට වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක වෙන කොට ඇතැම් බන්ධනාගාර නිලධාරීන් තරහා වෙයි ඒත් අපි හරි වැඩේ කරනවා“ යැයිද අමාත්‍යවරිය පැවසුවාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරණ දඩුවම නියම වූ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කාන්තාවක්!
මරණ දඩුවම නියම වූ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ කාන්තාවක්!
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_470.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_470.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy