දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිල්ලර වෙළෙදාමට වැට් එයි - නව වැට් බදු සංශෝධන මෙන්න
Homeප්‍රවෘත්ති

සිල්ලර වෙළෙදාමට වැට් එයි - නව වැට් බදු සංශෝධන මෙන්න

PropellerAds

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 15%ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ. ඊයේ (13) මුදල් අමාත්‍ය ර...

කොරෝනා රෝගීන් අට ලක්‍ෂය ආසන්නයේ.. ඇමරිකාවෙන් දිනක් තුල 20,000 පන්නයි.. ස්පාඤ්ඤයෙන් දිනකදී මරණ 913යි
ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත
ජනාධිපති මුදල් වියදම් කිරීම ව්‍යවස්ථා උල්ලංඝණයක් - මංගල කියයි
සිල්ලර වෙළෙදාමට වැට් එයි - නව වැට් බදු සංශෝධන මෙන්න

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 15%ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ.

ඊයේ (13) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් නව සංශෝධන කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථා‍වේදී මෙලෙස ඊට අනුමැතිය හිමිව ඇත.

ඒ සම්බන්ධයෙන් අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සංශෝධිත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එමඟින් වැට් බදු අය කිරීම සම්බන්ධ ක්ෂේත්‍ර කිහිපයක් ගැන අවධානය යොමුකර ඇති බවටත් කරුණු අනාවරණය කෙරිණ.

ඊට අනූව පෞද්ගලික අංශයෙන් සිදු කරන රෝග විනිශ්චය පරීක්ෂණ, කාන්දු පෙරණ සහ වෛද්‍ය උපදේශක සේවා ඇතුළත් නොවන බාහිර රෝගී සේවාවන් වැට් බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කර තිබේ.

එසේම වාර්ෂික මුළු පිරිවැටුප රුපියල් මිලියන 50 හෝ ඊට වැඩි (කාර්තුවකට රුපියල් මිලියන 12.5) තොග සහ සිල්ලර වෙළෙදාම නව සංශෝධනයට අනුව වැට් බද්දට යටත්වේ.

තවද විදුලි සංදේශ සේවා, දුම්කොළ නිෂ්පාදන, සීනි හෝ වෙනත් පැණි රස කාරක එකතු කළ කිරි පිටි නව සංශෝධනයෙන් වැට් බද්දට යටත් කර ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළක සිට රටින් පිටත වෙනත් ගුවන් තොටුපොළකට යන මගීන්ගේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද වැට් බද්දට යටත් කර තිබේ.

ඉහත යෝජනා සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ ඊට අනුමැතිය ලබාදුන්නේය.

මෑතක් වන තුරු වැට් බද්ද පැවැතියේ 12%ක අගයක වන අතර විදේශ ණය බර වැඩිවීම හේතුවෙන් වැට් බද්ද 12% සිට 15% දක්වා වැඩි කිරීමට රජය පියවර ගත්තේය.

කෙසේ වුවද 15%කින් වැට් බදු අය කර ගැනීමට පාර්ලිමේන්තු අනුමැතියක් නොලැබුණු බව පවසමින් එම සංශෝධනයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඇතුළු වෘත්තීය සමිති විසින් ගෙනගිය විරෝධතා හා අධිකරණ නියෝග හේතුවෙන් එය ක්‍රියාවට නැංවීම නතර කිරීමට රජයට සිදුවිය.

15% සංශෝධනය මගින් මාසික පිරිවැටුම රුපියල් මිලියනයක් වන ව්‍යාපාරික ස්ථානවලින් වැට් බදු අය කර ගැනීමට කටයුතු යොදා තිබුණි.

කෙසේ වුවද සංශෝධිත කෙටුම්පත මගින් එය වසරකට රුපියල් මිලියන 50ක් වන ව්‍යාපාරික ස්ථානවලට අදාළව 15% වැට් බදු අය කර ගැනීමට යෝජනා කර ඇත.

ඒ අනූව සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර අනුමත කර ගැනීමට රජයට සිදුව තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිල්ලර වෙළෙදාමට වැට් එයි - නව වැට් බදු සංශෝධන මෙන්න
සිල්ලර වෙළෙදාමට වැට් එයි - නව වැට් බදු සංශෝධන මෙන්න
http://ift.tt/2cIbaWT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_985.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_985.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy