වතමත් ආණ්ඩුව පෙරළා දැමීම අත්‍යාවශ්‍ය වුවද එය ඉතා පහසුවෙන් සිදු කළ නොහැකි බවත් එය සිදු කළ හැක්කේ යම් ක්‍රියාදාමයකට අනුව බවත් පාර්ලිමේන්තු ම...
වතමත් ආණ්ඩුව පෙරළා දැමීම අත්‍යාවශ්‍ය වුවද එය ඉතා පහසුවෙන් සිදු කළ නොහැකි බවත් එය සිදු කළ හැක්කේ යම් ක්‍රියාදාමයකට අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ ඊයේ(14) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එය සිදු කිරිමට නම් ප්‍රධාන වශයෙන් රටේ ජනතාවගේ ප්‍රබල ආණ්ඩු විරෝධයක් තිබිය යුතු බවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට තිබෙන බහුතර බලය අඩු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එය ඉටු කරගැනිමට නම් එකාබද්ධ විපක්ෂය කරා පැමිනෙන සෑම පුද්ගලයෙකු සමඟම එක අරමුණක් ඇතිව වැඩ කටයුතු කළයුතු වන අතර ඒකාබද්ධ විපක්ෂයේ දැනට සිටින මන්ත්‍රිවරුන් සියළුදෙනාම එකමුතුව ක්‍රියා කල යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
එමෙන්ම 2020දි ඒකාබද්ධය නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ජනතා හිතවාදි පුද්ගලයෙකු විය යුතු බවත් ඒ සඳහා සුදුසු වන්නේ හිටපු කතානායක නායක චමල් රාජපක්ෂ මහතා පමණක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තමන්ට කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් ඔහු පිටුපස සිටි මිලිටරිවාදි පාලනයකට පක්ෂපාති පිරිසට පමණක් අකමැති බවත් වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS