දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මරණ දඬුවම එපා - මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි
Homeප්‍රවෘත්ති

මරණ දඬුවම එපා - මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි

PropellerAds

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳ සිය දැඩි කනස්සල්ල පළ කරන බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. මත...

බොරු වැඩ කර පක්‍ෂයම ඇන්දුවා යයි හර්ෂාචාරිට එජාපයෙන් කුණු බැණුම්.. නිදහසට කරුණු විමසයි.
ශ‍්‍රී ලංකාව දෙකඩ කර ඊළම හදන බව එංගලන්තය කියයි.. ලිඛිතව දිවුරයි..
හිටපු මැති ඇමැතිවරුන්ට තවදුරටත් ප්‍රභූ ආරක්ෂකයන්ගේ රැකවරණය
මරණ දඬුවම එපා - මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳ සිය දැඩි කනස්සල්ල පළ කරන බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීන්දුව අහෝසි කර මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු බරපතල අපරාධ මර්දනයට අවශ්‍ය ප්‍රබල හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ තීරණය කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් සිය කොමිෂන් සභාවේ මතය ජනාධිපතිවරයා වෙත යවමින් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සඳහන් කර ඇත්තේ මරණ දඬුවම යනු ලෝකයේ තවදුරටත් ප්‍රතික්ෂේප වෙමින් බවතින දණ්ඩන ක්‍රමයක් බවයි.

මරණ දඬුවම යනු කෘර සහ අමානුෂික දණ්ඩනයක් බවත්, එය ජීවිතයට ඇති අයිතිය ද, කෘර සහ අවමන් සහගත දඬුවම් වලින් මිදීමට ඇතිය අයිතිය ද වෙනත් මානව හිමිකම් ද ප්‍රබල ලෙස උල්ලංඝනය කරන දඬුවමක් බවත්, අන්තගාමී හා වෙනස් කළ නොහැකි වූ මෙම දණ්ඩන ක්‍රමය අහෝසි කළ යුතු බවත් මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම නිසා සමාජයට ඇතිවන බලපෑම සුළුපටු නොවන බව ද එය සාර්ථක ලෙස මැඩ පැවැත්විය හැකි වන්නේ මරණ දඬුවම වැනි නිශ්පල දඬුවම් ක්‍රියාත්මක කිරීමෙන් නොවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කාර්යක්ෂම ලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් බවද එම කොමිසම සඳහන් කරයි.

දැනටමත් වරදකරුවන් වී බන්ධනාගාරගත වී ඇති ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට නව තාක්ෂණය ඔස්සේ බාහිර ලෝකයත් සමඟ බද්ධ වී ජාවාරම්වල යෙදන්නේ නම් එයට නිසි පිළිතුර විය යුත්තේ බන්ධනාගාරය තුළ ඇති ආරක්ෂක කටයුතු නවීන තාක්ෂණය භාවිත කරමින් නතරකිරීම යැයි ද සඳහන් කර ඇති මානව හිමිකම් කොමිසම මත්ද්‍රව්‍ය ජාවාරම මේසා ව්‍යාප්ත වීමට ප්‍රධාන සාධාකයන් වන දේශපාලන සබඳතා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශවලින් ලැබෙන සහාය යන කාරණා ආමන්ත්‍රණය නොකර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියාවලියකට යෑම නිෂ්ඵල බව ද අවධාරණය කර සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරණ දඬුවම එපා - මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි
මරණ දඬුවම එපා - මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි
http://am.lk/media/k2/items/cache/2aa108a243391b325a338ed89ca117de_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_453.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_453.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy