දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ‍්‍රී ලංකාව දෙකඩ කර ඊළම හදන බව එංගලන්තය කියයි.. ලිඛිතව දිවුරයි..
Homeප්‍රවෘත්ති

ශ‍්‍රී ලංකාව දෙකඩ කර ඊළම හදන බව එංගලන්තය කියයි.. ලිඛිතව දිවුරයි..

PropellerAds

එක්සත් රාජධානිය, කවුරුත් දන්නා විධියට කිව්වොත් එංගලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය 2019 දෙසැම්බර් 13 දින පැවැත්වෙනවා. ඒ මැතිවරණය වෙනුවෙන් කොන්ස...

පුත්තලමේ UPFA මන්ත්‍රීන් සියල්ලන්ම ඒකාබද්ධයට.
ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ග්‍රැහැම් ලැබ්රෝයි
ඇතැම් අය අන් අයගේ අමාත්‍යංශවලට ඇගිලි ගහනවා - අර්ජුන රණතුංග
එක්සත් රාජධානිය, කවුරුත් දන්නා විධියට කිව්වොත් එංගලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය 2019 දෙසැම්බර් 13 දින පැවැත්වෙනවා. ඒ මැතිවරණය වෙනුවෙන් කොන්සර්වැටිව් පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නොවැම්බර් 25 දින එලි දැක්වූවා.
ඒ ප්‍රකාශනය තමයි මේ තිබෙන්නේ. ඒකේ 53 පිටුවේ ලංකාවේ පවතින අර්බූදයට විසඳුම ලෙස ලංකාව තුල රාජ්‍ය දෙකක් බිහි කළ යුතු බව කියනවා. මම දැන් ඒක කියවන්නම්.

We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflicts zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution.

දැන් අපි ඒකේ සිංහල අර්ථය කියවමු.

ලෝකය පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය ලඟා කර ගැනීමට ගෙන ඇති ජාත්‍යන්තර ආරම්භකයන්ට අපේ සහය ලබා දීම අඛණ්ඩව සිදු කරන අතර සයිප්‍රසය, ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග වැනි වත්මන් හෝ පෙර අර්බූද කලාපයන් වෙනුවෙන් රාජ්‍ය දෙකක විසඳුම සඳහා අපගේ සහයෝගය පවත්වා ගනු ලැබේ.

එක්සත් රාජධානිය වැඩිම කාලයක් පාලනය කළ දැනටත් පාලනය කරන මී ළඟ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න ඉඩ තිබෙන කොන්සර්වැටිව් පක්ෂය ජනවරමක් පතන්නේ මොකටද? ලංකාව තුල වෙනම රාජ්‍යයක් බිහි කරන්න. වඩාත් පැහැදිලිව කිව්වොත් දෙමළ ඊළම හදන්නයි.

බෙදුම්වාදින් “දෙමළ ඊළම” ලෙස පවසන ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත් තුල එකී නමින් හෝ වෙනත් නමකින් දෙමළ රාජ්‍යයක් පැවතිලා නෑ. දෙමළ ඊලම සඳහා කරනු ලබන අරගලයට කිසිම ඓතිහාසික පුරාවිද්‍යාත්මක හෝ නෛතික පසුබිමක් නැහැ. ඒ නිසා දෙමළ ඊලම වෙනුවෙන් පෙනී සිටීමට කොන්සර්වැටිව් පක්ෂයට කිසිම සාධාරණ හේතුවක් නෑ. නමුත් එක්සත් රාජධානිය බිහි කරලා තිබෙන්නේ උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය යන ඉතිහාසගත රාජ්‍යයන් බලහත්කාරයෙන් එංගලන්තයට ඈඳාගෙන. කලින් කල මේ රාජ්‍යයන්ට නිදහස පතා විමුක්ති ව්‍යාපාර ආරම්භ වුණා. උතුරු අයර්ලන්තයේ නම් සන්නද්ධ අරගලත් තිබුණා මෑතක් වන තුරුම. එහෙම වුණත් එක්සත් රාජධානිය කැබැලි කිරීමට සහය දීම සඳහා ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් ජනවරමක් පතලා නෑ.

ඒ වගේම කොන්සර්වැටිව් පක්ෂයේ ප්‍රතිවාදියා වන ලේබර් නැතිනම් කම්කරු පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයත් අපි බැලුවා. කම්කරු පක්ෂය නම් ලංකාව දෙපළු කිරීමේ පොරොන්දුවක් ලබා දී නෑ. කොන්සර්වැටිව් පක්ෂය කළ මේ වැඩේ පිළිබඳව අප නිහඬව හිටියොත් ඊ ලඟ මැතිවරණයේ දී එංගලන්තයේ සිටින දෙමළ අයගේ ඡන්දය ගැනීමේ බලාපොරොත්තුවෙන් අනෙකුත් පක්ෂත් දෙමළ ඊලම් හදලා දෙන්න පොරොන්දු වේවි. මේ මැතිවරණයෙන් කොන්සර්වැටිව් පක්ෂය ජයග්‍රහණය කළහොත් ඔවුන්ට ජනවරමක් තියෙනවා නීත්‍යානුකූලවම දෙමළ ඊලම වෙනුවෙන් ජාත්‍යන්තර කරලියේ පෙනී සිටින්නට. දෙමළ ඊලම වෙනුවෙන් සන්නද්ධ අරගලයක් පටන් ගන්නට දෙමළ ඊලම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඡන්දය දෙන්න දෙමළ ඊලම වෙනුවෙන් අරමුදල් වෙන් කරන්නට හැකියාව ලැබෙනවා. මේක ශ්‍රී ලංකාව මුහුණ දෙන අතිශයින්ම භයානක තත්වයක්.

ලොව බලගතු රාජ්‍යයක් වන එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට අභියෝග කරන මැතිවරණ ප්‍රකාශනයක් ප්‍රසිද්ධ කරලා දින අටක් ගත වී ඇතත් මේ පිළිබඳ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය තවමත් ඉන්නේ නිදා ගෙන. තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇත්තටම නිදි ද එහෙමත් නැතිනම් බෙදුම්වාදින්ගේ උවමනාවට හොර නින්දක ද කියන එක නම් මම දන්නේ නෑ. නැතිනම් මේවා හෙලිදරව් කරන්න ඕනෑ අපි නොවේ. රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්. මහජන මුදලින් දැවැන්ත වියදමක් දරලා ඒ අය නඩත්තු කරන්නේ මේ වැඩ කරන්න තමයි.

හරි නම් මේ ප්‍රකාශනය හෙලා දැකලා ඒ වගේම ඒ ප්‍රතිපත්තිය අභියෝගයට ලක් කරලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ යුතුව තිබුණා. අවම වශයෙන් ඒ පිළිබඳ අපේ විදේශ ඇමතිතුමාව දැනුම්වත් කරන්න තිබුණා. අඩුම තරමින් විදේශ ඇමතිතුමාවත් දැනුම්වත් කළා කියලා මම නම් හිතන්නේ නැහැ. ලොව බලගතු රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝණය කරන මේ වගේ අවස්ථාවක ඒ පිළිබඳ ක්ෂණික ප්‍රතිචාර දක්වන මෙන් අපි විදේශ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වගේ බැරෑරුම් කාරණයක දී උදාසීනව කටයුතු කළ මහ කොමසාරිස් කාරයාලයේ නිලධාරින්ට එරෙහිව පියවර ගන්නා මෙන් අපි විදේශ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. විදේශ ඇමතිතුමා මේ පිළිබඳ ක්ෂණිකව ප්‍රතිචාර දක්වාවි කියා අප බලාපොරොත්තු වෙනවා. කොන්සර්වැටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ පිටපතක්ද සමගින් මේ සම්බන්ධයෙන් අප විදේශ කටයුතු අමාත්‍යතුමා දැනුම්වත් කිරීමට අද දිනයේ කටයුතු කරනවා.

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

– අරවින්ද අතුකෝරල
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ‍්‍රී ලංකාව දෙකඩ කර ඊළම හදන බව එංගලන්තය කියයි.. ලිඛිතව දිවුරයි..
ශ‍්‍රී ලංකාව දෙකඩ කර ඊළම හදන බව එංගලන්තය කියයි.. ලිඛිතව දිවුරයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiomrmYaIJkBQmhNLh_AA09iqdudhCPKeudTHvpaywJf3m6Lgikma1OOnMlYf75pN2JDEO0GM9An6WAMGovFhgXECGaMOq9xzZlcxK2iaOZdNptj73xuOCQHB0ODudnTCnzyc97Y4UIn4pt/s320/england.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiomrmYaIJkBQmhNLh_AA09iqdudhCPKeudTHvpaywJf3m6Lgikma1OOnMlYf75pN2JDEO0GM9An6WAMGovFhgXECGaMOq9xzZlcxK2iaOZdNptj73xuOCQHB0ODudnTCnzyc97Y4UIn4pt/s72-c/england.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy