ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (29) පෙරවරුවේ මඩු දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය. මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්නෑන්ඩු සහ පර...
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (29) පෙරවරුවේ මඩු දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය.
මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්නෑන්ඩු සහ පරිපාලක පියතුමා වන එමිලියානුන්පිල්ලෙයි පියතුමන්ලා විසින් මෙහිදී ජනාධිපතිවරයා පිළිගත් අතර, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ පියතුමන්ලා ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූ අතර ජනාධිපතිවරයා අතින් ද සමරු තිළිණ පිළිගැන්විණි.
ආගමික වතාවත්වලින් අනතුරුව දේවස්ථානය අවට නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ ජනාධිපතිවරයා එහි සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීය.
සිංහල, දෙමළ, මුස්ලිම් විශාල ජනතාවක් ඊයේ දේවස්ථානය වෙත පැමිණ සිටි අතර ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.
COMMENTS