විත්තියේ විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් පොලීසියට සුරා බදු පනත යටතේ නඩු පැවරීමේ බලය ඇති බවට අධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබේ. පොලීසියට ස...
විත්තියේ විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් පොලීසියට සුරා බදු පනත යටතේ නඩු පැවරීමේ බලය ඇති බවට අධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබේ.
පොලීසියට සුරාබදු පනත යටතේ නඩු පැවරීමට බලයක් නොමැති බවට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී පසුගිය දිනෙක නඩුවක් විභාග විය.
ඒ සඳහා පොලීසිය වෙනුවෙන් බස්නාහිර පළාත උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පෙනී සිට තිබේ.
එයට අදාළ තීන්දුව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් අද (04) දිනයේ දි ප්‍රකාශ කරමින් මේ බව දැනුම් දුන්නේය.
COMMENTS