බස් ගාස්තු ඉහළ දැමීමත් සමග 20% කට ආසන්න මගීන් ප්‍රමාණයක් බස් රථවලට අහිමි වී තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. මේ නිසා සුඛ...
බස් ගාස්තු ඉහළ දැමීමත් සමග 20% කට ආසන්න මගීන් ප්‍රමාණයක් බස් රථවලට අහිමි වී තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ නිසා සුඛෝපභෝගී හා අධිසුඛෝපභෝගී බස් රථවල ගාස්තු අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව එම කොමිෂමේ සභාපති එම්.පී.ඒ. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේය.
මීට අමතරව මගී ජනතාවත්, බස් හිමියනුත් ආරක්ෂා කර ගැනීම උදෙසා බස්, දුම්රිය සේවාවට හා වෙනත් පොදු කටයුතු සඳහා භාවිතා කළ හැකි පෙර ගෙවුම් කාඩ්පතක් මාස 03ක් ඇතුළත හඳුන්වා දෙන බවද අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
ඔබට සතුටුයි ද දැන්? : බස් මගීන්
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත ප්‍රකාශ කලේ තමන්ගේ සංගමය පසුගිය මැයි මාසයේ සියයට 12.5කින් බස් ගාස්තු වැඩි කිරීමට ගත් තීරණයට විරුද්ධ වුයේ හිතුමතේ නොවන බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"අපි ඒ වෙලාවේ කිව්වේ ආණ්ඩුව මුලින් එකඟ වුණ පරිදි සියයට 6.5කින් බස් ගාස්තුව වැඩි කරන්න කියලා. ඒත් ආණ්ඩුව කලේ බස් හිමියාගේ අපේක්ෂාවන් ගැන පමණක් හිතලා කටයුතු කිරීම. ඒත් අද බස් මගින් විදිහට අපිට පුළුවන් වෙලා තියනවා හිතුමතේ කරන බස් ගාස්තු සංශෝධන වලට එරෙහිව නැගී සිටින්න.
දැන් පාඩු පිට දුවන බස් හිමියන්ගෙන් සහ ආණ්ඩුවෙන් අපිට අහන්න තියෙන්නේ ඔබට සතුටුයි ද දැන් කියලා" .
COMMENTS