කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව අල්ලස් හෝ වංචා දූෂණ කොමිසමට කළ පැම...
කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව අල්ලස් හෝ වංචා දූෂණ කොමිසමට කළ පැමිණිල්ල පිළිබඳ මූලික පරික්ෂණ ආරම්භ කර ඇති බව අල්ලස් කොමිසමේ ඉහල නිලධාරියෙකු අප කළ විමසුමකදී කීවේය.
පොලිස් කොමිසම විසින් තමන්ට ලබාදීමට නිර්දේශ කර ඇති නියෝජ්‍ය පොලිස්පති ධූරය ලබා නොදෙමින් අල්ලස් පනතේ 70 වන වගන්තිය උල්ලංඝනය කර ඇතැයිද ඒ සම්බන්ධයෙන් නෛතික පියවර ගන්නා ලෙසද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබුණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාගේ උසස්වීම ලබා නොදෙන්නේ ඇයි දැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගෙන් විමසූ විට ඔහු පැවසුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන බැවින් ඔහුගේ උසස්වීම ලබාදීමට නොහැකි බවයි.
පොලිස් කොමිසම ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකරන බවට කොමිසම කරන ප්‍රකාශය ගැන කියන්නේ කුමක්දැයි පොලිස්පතිවරයාගෙන් විමසූ විට පැවසුවේ පොලිස්පතිවරයා වන තමන්ව සහ කොමිසම එකට තියාගෙන මේ ප්‍රශ්නය අසන ලෙසටය.
(රාවය)
COMMENTS