කොතරම් දුෂ්කරතා පැමිණියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්ධූරය ලැබුණහොත් රටවටා ගොස් පක්ෂය සංවිධානය කර ශ්‍රීලනිපය ජයග්‍රාහී මාවතට ගැනීම...
කොතරම් දුෂ්කරතා පැමිණියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්ධූරය ලැබුණහොත් රටවටා ගොස් පක්ෂය සංවිධානය කර ශ්‍රීලනිපය ජයග්‍රාහී මාවතට ගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අන්දහන් කරයි.
විද්‍යුත් නාලිකාවක් සමඟ සජීවී දේශපාලන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර ඒ නිවේදකයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.
තමන් විපක්ෂයේ වාඩිවීම පක්ෂය නගාසිටුවීමට බාධාවක් නොවන බවත් ජනතාව සමඟ සිටින සහ දවසේ වැඩිම කාලයක් දේශපාලන කටයුතු වෙනුවෙන් වෙන්කර සිටින තමන්ට පක්ෂය සංවිධානය කිරීමේ විශ්වාසය ඇති බවද ඔහු පැවසීය.
එහෙත් තනතුරු අපේක්ෂාවෙන් කිසිදිනක තමන් කටයුතු කර නොමැති බවත් තමන් සඳහන් කරන්නේ අවස්ථාව ලැබුණහොත් එය සිදුකරන බව යැයිද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
පොහොට්ටුවට ගිය 16 කණ්ඩායමටත් චෝදනා ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධවූ සියළු දෙනා තමන්ගේ දේශපාලන අනන්‍යතාව නැතිකරගෙන පරණ මගටම වැටුණු බවටද එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කර සිටියේය.
චෝදනාව ඉදිරිපත් කළ අතර පළමුව 16 කණ්ඩායමේ අපේක්ෂාව වී තිබුණේ වාසුදේව, විමල් ආකාරයට වෙනම අනන්‍යතාවක් සහිතව ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරමින් පසුව ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර සම්බන්ධයක් ඇතිකොට ශක්තිමත් පෙරමුණක් ඇති කිරීම බවත් එහෙත් 16 කණ්ඩායම ගත් මේ තීන්දුව හේතුවෙන් එම අවස්ථාව අහිමිව ගිය බවද ඔහු පැවසීය.
ගොඩ වැඩිවනවා දැක කවුරු තමන්ටම කියා තිබෙන දේශපාලන අනන්‍යතාව අහිමිකර ගත්තත් තමන් එසේ නොකරන බවත් කිසි විටෙකත් පක්ෂය අත්හැර යන්න සූදානම් නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
ගිය හැමෝම පොහොට්ටුවට පක්ෂ නෑ !
එසේම මේ වන විට ඒකාබද්ධ විපක්ෂය සහ පොදුජන පෙරමුණ ලෙස වැඩ කිරීමට එකඟව ඇති බව පැවසෙන 16 කණ්ඩායමේ සියළු දෙනාම එම තීරණයේ නොමැති බවත් එහි සිටින කිහිපදෙනෙකුව නැවත පක්ෂයට ගැනීමේ අවස්ථාව පවතින අතර ඒ අය සමඟ සාකච්ඡාවේ සිටීම වැදගත් බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
COMMENTS