දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආදරය ගැන විතරක් කතා නොකර ඉමු චුලක්ෂි කියන කතා
Homeප්‍රවෘත්ති

ආදරය ගැන විතරක් කතා නොකර ඉමු චුලක්ෂි කියන කතා

PropellerAds

පසුගියදා ස්පාඤ්ඤයේ පැවැති “ඉන්ටර් නැෂනල් බෙස්ට් ෆීමේල් මොඩල් වර්ල්ඩ් - 2017” තරගයේ කිරුළ ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේ රටවල් 20ක නිරූපිකාවන් ප...

EXCLUSIVE : රනලගන සජතට තතපර 48ක දරකතන ඇමතමක!
බසලග දය නදනන මනදරයන කටසක වනසර පහණවට!
රනලග ජනධපතවරණ මහයම ලස අතට ගන.. පහටටවනද එකවත!
පසුගියදා ස්පාඤ්ඤයේ පැවැති “ඉන්ටර් නැෂනල් බෙස්ට් ෆීමේල් මොඩල් වර්ල්ඩ් - 2017” තරගයේ කිරුළ ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේ රටවල් 20ක නිරූපිකාවන් පරදවමින්. මේ වන විටත් නිරූපණයෙන් රංගනයට පිවිස සිටින චුලක්ෂි මේ අන්ත දෙකේම දස්කම් පාන සුරූපිනියක්.

චුලක්ෂි ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග දෙකකට ඉදිරිපත් වෙලා ඒ දෙකෙහිම කිරුළු දැරුවා. එහෙම නේද?


ඔව්. මම 2014දී මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙලා කිරුළ හිමිකර ගත්තා. 2017දී ඉන්ටර් නැෂනල් බෙස්ට් ෆීමේල් මොඩ්ල් වර්ල්ඩ් 2017 තරගයට ඉදිරිපත් වෙලා ජාත්‍යන්තර ජයකුත් හිමිකර ගත්තා.

නිරූපණයට අවස්ථාව හිමිවුණෙත් රූපයෙන් ලැබූ ජයග්‍රහණයක් නිසා නේද?

ඔව්. 2012දී ලක් රුවැත්ති තරගයෙන් දිනලා තමයි මට නිරූපණයට අවස්ථාව ලැබුණේ.

නිරූපණයෙන් රංගනයට පිවිසුණේ කොහොමද?

ඒ පසුගිය අවුරුද්දේ. මගේ ප්‍රථම චිත්‍රපටය තමයි දේදුනු ආකාසේ. මට එහිදී රඟපාන්න තිබුණේ හේමාල් රණසිංහ එක්ක. ළඟදීම එය තිරගත වේවී.

රඟපෑම එතැනින් නතර කළාද?

නැහැ. නැහැ. දිගටම රඟපානවා. ඒත් මම ටෙලිනාට්‍ය ගැන ලොකු උනන්දුවක් නැහැ. මට අවශ්‍ය සිනමා තාරකාවක් වෙන්නයි. හොඳ චිත්‍රපට ලැබුණොත් රඟපානවා.

නිරූපණයටයි රඟපෑමටයි යොමු වීම පුංචි කා‍ලේ ඉඳන් මැවූ හීනයක්ද?

මම පාසල් යන කා‍ලේ යොමුවෙලා හිටියේ පැසිපන්දු ක්‍රීඩාවට. පාසල් යන කා‍ලේ මම ජාතික පැසි පන්දු පාසල් ක්‍රීඩා කණ්ඩායමට පවා තේරිලා හිටියා. ඒ කා‍ලේ මම හීන මැව්වේ ඒ තුළින් ඉදිරියට යන්න.

ඒ හීනය බිඳිලා ගිහින් ඔබ වෙනස් මගකට යොමුවුණේ කොහොමද?

මගේ අයියා රුසිරු රණතුංග, ජනප්‍රිය පැසිපන්දු ක්‍රීඩකයෙක්. ඔහු නිසා තමයි මමත් පැසිපන්දු ක්‍රීඩාවට යොමුවුණේ. ටික  කාලෙකට අයියා විදෙස් ගත වුණා. මම නිරූපණයට යොමු වුණා. නිරූපණයයි ක්‍රීඩාවයි දෙකක් එකට පවත්වාගෙන යාම අසීරුයි. ඉතින් ක්‍රීඩාවෙන් බැහැරවෙලා නිරූපණයයි, රංගනයයි සඳහාම යොමුවුණා. දැන් බලා‍පොරොත්තුව ඒ තුළින් ඉදිරියට යන එක. මගේ ඒ ගමනට උදව් කළ රොසෑන් ඩයස්, බ්‍රයන් කකෝවක්, සේනක ද සිල්වා වගේම, මෙම තරගයේදී උදව් කළ කමිල්වත් මම ආදරයෙන් සිහිපත් කරන්න කැමැතියි.

චුලක්ෂිගේ සාමාන්‍ය තොරතුරු දැනගන්නත් රසික පිරිස කැමැති වේවි?

මගේ ගම නිට්ටඹුව. ඉගෙනගත්තේ කුරුණෑගල මලියදේව විදුහ‍ලේ. දැනට වෘත්තිය වශයෙන් නිරූපණ ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා.

චුලක්ෂිගේ ආදරවන්තයා ගැන කියන්නේ නැද්ද?

ආදරය ගැන විතරක් කතා නොකර ඉමු.

චන්ද්‍රලතා තන්ත්‍රීගේ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආදරය ගැන විතරක් කතා නොකර ඉමු චුලක්ෂි කියන කතා
ආදරය ගැන විතරක් කතා නොකර ඉමු චුලක්ෂි කියන කතා
http://ift.tt/2shgJ7t
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_652.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_652.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy