උතුරු පළාත් සභාවේ මීළග සැසිවාරය තමන්ගේ අනුදැණුමකින් තොරව නොපවත් වන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් දැණුම් දී තිබේ. උ...
උතුරු පළාත් සභාවේ මීළග සැසිවාරය තමන්ගේ අනුදැණුමකින් තොරව නොපවත් වන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් දැණුම් දී තිබේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ලිපියක් මගින් නෙරපන ලද උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය පී. ඩැනීස්වරන් මහතාව අභියාචනාධිකරනයේ නියෝගයක් මත යළි අමාත්‍යධුරයේ පිහිටුවන ලෙස ඉල්ලමින් විපක්ෂයේත් දෙමළ ජාතික සන්ධානයේත් මන්ත්‍රීවරු පිරිසක් බලකොට සිටෙම නිසා මේ දිනවල උතුරු පළාත් සහාව තුළ දැඩි මතභේදකාරී තත්ත්වයක් හටගෙන තිබේ.
මේ පිළිබදව කරුණු සලකා බැලූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මීළග පළාත් සභාවාරය තමන්ගේ අනුදැණුමකින් හෝ අවසරයකින් තොරව නොපවත්වන මෙන් පළාත් සභාවේ ලේකම්වරයාට ලිපියක් මගින් 17 දා දැණුම් දී තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS