පොලී මුදලාලිලා ගම අල්ලාගෙන සිටින බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. ඒ ඊයේ නුවර පැවති උත්සවයක...
පොලී මුදලාලිලා ගම අල්ලාගෙන සිටින බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒ ඊයේ නුවර පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මම හිතන්නේ අපි හොඳට දන්නවා ගම්වල පොලී මුදලාලිලා රජ කරනවා. මේක තමයි ඇත්ත. 20 නම් හුඟක් අඩුයි. නමුත් මට ලැබිලා තියෙන ආරංචි අනුව සමහර අය මාසෙකට සියයට 5ක් අය කරනවා. ඇත්ත වශයෙන්ම බැංකුවල තියෙන ණය ගැන ජනතාවට අවබෝධයක් තියෙනවා නම් පොලී මුදලාලි ගාවට යන්නේ නැහැ. අන්න ඒ නිසා මම විශේෂයෙන්ම බැංකු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා අද ගම්වල වෙලා තියෙන මේ ප්‍රශ්නය, අද පොලී මුදලාලිලා සමහර අපේ ගම් අල්ලාගෙන ඉන්නේ තමන්ගේ ග්‍රහණයට. මේක අපි නැති කරන්න ඕනේ. හැබැයි ඒ අතර මම කියන්නත් ඕනේ සමහර පොලී මුදලාලිලා බැංකුවෙන් අඩු පොලියට අරගෙන එහෙම ව්‍යාපාරයකුත් යනවා සයිඩ් එකෙන්. සමහර අය ඉන්නවා මිලියන ගණන් බැංකුවලින් අරගෙන වැඩි පොලියට ගමේ අයට දෙනවා. මම කියන්නේ නැහැ මේවා නැති කරන්න පුළුවන් කියලා. නැති කරන්න බැහැ, හැකි තරම් අඩු කරන්න ඕනේ.”
COMMENTS