උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු හා මන්ත්‍රීවරුන් විසින් නීති විරෝධී ලෙස ඖෂධ වෙළෙද සැල් පවත්වාගෙන යන බව උතුරු පළාත් සභාවේදී අනාවරණය විණි. උත...
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු හා මන්ත්‍රීවරුන් විසින් නීති විරෝධී ලෙස ඖෂධ වෙළෙද සැල් පවත්වාගෙන යන බව උතුරු පළාත් සභාවේදී අනාවරණය විණි.
උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය පී.ගුණසීලන් මහතා 10 දා පළාත් සභාවේදී දන්වා සිටියේ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු හා මන්ත්‍රීවරු විසින් උතුරු පළාත තුළ නීතිවිරෝධී ලෙස ඖෂධ වෙළෙද සැල් හයකට වැඩි සංඛ්‍යාවක් උතුරු පළාත තුළ පවත්වාගෙන යන බවට මහජනතාව පැමිණිලි කොට ඇති බැවින් ඊට එරෙහිව නීතිමගින් පියවර ගැනීමට පෙර එම ඖෂධ වෙළෙද සැල් ඉවත් කරගන්නා ලෙසයි.
මෙම ඖෂධ වෙළෙද සැල් අමාත්‍යවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේම නම් වලට ලියාපදිංචි කොට නැතත් ඒවායෙහි අයිතිය ඇත්තේ අමාත්‍යවරුන්ට හා මන්ත්‍රීවරුන්ට බව පැමිණිලි කරුවන් විසින් ඉතා මැනවින් ඔප්පු කොට ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
ඖෂධ වෙළෙද සැල් නිසි ලෙස ලියාපදිංචි නොකිරීම හා ඖෂධ අලෙවි කිරීම සදහා ඖෂධවේදියෙකු නොමැතිව එම ඖෂධ වෙළෙදසැල් පවත්වාගෙන යන බවට මහජනතාව නගා ඇති චෝදනා ඉතා බරපතල බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS