ලෝක උරුම රංගිරි දඹුලු රජමහා විහාරයේ වත්මන් තත්ත්වය හා එය සංරක්ෂණයට ගෙන ඇති පියවර පිළිබඳ වාර්තාවක් ලබන වසරේ පෙබරවාරි 01වැනිදා ලබා දෙන ලෙස ල...
ලෝක උරුම රංගිරි දඹුලු රජමහා විහාරයේ වත්මන් තත්ත්වය හා එය සංරක්ෂණයට ගෙන ඇති පියවර පිළිබඳ වාර්තාවක් ලබන වසරේ පෙබරවාරි 01වැනිදා ලබා දෙන ලෙස ලෝක උරුම කමිටුව රජයට දැනුම් දී තිබේ.
ඒ, පසුගියදා බහරේනයේ මනාමා අගනුවර පැවති ලෝක උරුම කමිටුවේ 42 වැනි සැසිවරායේදී ය.
රටවල් 167 ක සහභාගීත්වයෙන් පැවති සැසිවාරයට මෙරට නියෝජනය කරමින් සහභාගි වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය පී.බී. මණ්ඩාවල මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව අදාළ වාර්තාවට දඹුල්ල ලෙන් විහාරයේ වත්මන් සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා දීමට කටයුතු කරන බව ය.
මේ අතර ලෝක උරුමයක් වන ගාල්ල ලන්දේසි කොටුවේ වත්මන් තත්ත්වය හා එහි සංචාරක සැලැස්ම සම්බන්ධ වාර්තාවක් ද ලෝක උරුම කමිටුව රජයෙන් ඉල්ලා ඇති බව මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා ප්‍රකාශ කළේය.
COMMENTS