ලක් රජය මරණ දඬුවම යළි හඳුන්වාදීමට කටයුතු නොකරනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් පවසයි. අම්පාර ප්‍රදේශයේ අද...
ලක් රජය මරණ දඬුවම යළි හඳුන්වාදීමට කටයුතු නොකරනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් පවසයි.
අම්පාර ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එය ඍණාත්මක පියවරක් බවයි.
මේ අතර, මේ වනවිට පුරප්පාඩුව පවතින අලූගෝසු තනතුරේ කටයුතු කිරීමට සූදානම් බව අනුරාධපුර - මහවිලච්චිය ප්‍රදේශයේ තරුණයන් පස්දෙනෙකු ප්‍රකාශ කර සිටියි.
ස්වෙච්ඡාවෙන් එම රාජකාරිය ඉටු කිරීමට සූදානම් බවයි ඔවුන් කියා සිටියේය.
අම්පාරේ පැවති උත්සවයකින් අනතුරුව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා පැවසුවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඍණාත්මක පියවරක් බවයි.
“මරණ දඬුවම ඔස්ට්‍රේලියාවේ ඉවත් කරනු ලැබුවේ වසර 50කට පමණ පෙර. අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා රජයක් 1972 වසරෙන් පසු. මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ ක්‍රියාපිළිවෙත ඉදිරියටත් රැගෙන යයි කියලා. වත්මන් ආණ්ඩුවත් එම ක්‍රියාපිළිවෙත අනුගමනය කරනු ඇති බව අපේ විශ්වාසයයි. ඒ වගේම මරණ දඬුවම යළි හඳුන්වාදීමට කටයුතු නොකරයි කියලා. මොකද එය ඍනාත්මකයි.”
COMMENTS